UPDATED
රටේ පවතින තත්වයත් සමඟ නිවසට අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ,ආහාර පාන හා බේත් නිවසටම ගෙන්වා දීමේ විධිවිදාන සමාගම් කීපයක් විසින් හදුන්වා දී ඇත.ලංකා සතොස,PickMe, Keells Super, Cargills FoodCity, Arpico SuperCenter, Daraz, Laugfs, Litro Gas,Good Market Lanka, Fresh Harvest, Pelawatta Diary, RichLife සහ තවත් සමාගම් සක්‍රීයව රටපුරා Delivery සේවාවන් ක්‍රියාත්මක කර ඇත .ඔබගේ පහසුව තකා මේ වන විට කාර්යක්ෂම සේවාවක් ලබා දෙන වෙළද සැල් පිලිබද තොරතුරු ගෙන එන්නට අපි තීරනය කලා.
Keells
Keells සුපිරි වෙළද සැල් සමූහයත් නිවසටම අවශ්‍ය කරන දෑ ගෙන්වා ගැනීමේ ක්‍රමයක් හදුන්වා දී ඇත. මේ සදහා https://int.keellssuper.net/. වෙබ් පිටුවට යොමු වී ඔබට අවශ්‍ය භාන්ඩ ඇනවුම් කල හැක. සීමිත ඇනවුම් ප්‍රමාණයක් පමනක් මේ වන විට ලබා ගන්නා අතර මෙම සේවාව කොළඹ, මහරගම, මොරටුව, කිරිබත්ගොඩ, කලල්ගොඩ හා වත්තල ප්‍රදේශ වලට ලබා දේ. ඉදිරි දින වලඩී මෙම සේවාව රට පුරාම ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තු වේ. වැඩි විස්තර සදහා පිවිසෙන්න – [KeellsSL]
රජය විසින් හදුනාගත් ෆාමසි (http://www.health.gov.lk/)
අත්‍යාවශ්‍ය කරන බෙහෙත් වර්ග නිවසටම ගෙන්වා ගැනීමේ ක්‍රමයක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය විසින් හදුන්වා දී ඇත. ඔබ කල යුත්තේ ඔබගේ ප්‍රදේශය අසල ඇති ෆාමසිය
මෙතනින් : (https://bit.ly/slpharm)තෝරා, එම දුරකතන අංකයට Whatsapp, Viber හෝ Imo මගින් යැවීමයි. අත් පිට මුදලට හෝ අන්තර්ජාල ගෙවීමක් මගින් ඔබට අවශ්‍ය බෙහෙත් ඇනවුම් කල හැක.
ඔබට ආසන්න ෆාමසිය මෙතනින් තෝරන්න – https://bit.ly/slpharm
පැය 24ක් ඇතුලත ඔබගේ බෙහෙත් නිවසට ගෙනැවිත් දෙනු ලැබේ. වැඩි විස්තර සදහා මෙම අංක අමතන්න 0720720720 ( සිංහල ), 0720606060 ( දම්ළ ).

Cargills FoodCity
Cargills FoodCity ආයතනය මගින් ද මාර්තු 31 වැනිදා සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමේ ක්‍රමයක් සකස් කර ඇත. රට පුරා පිහිටි ශාඛා 300කින් ඔබට භාණ්ඩ ලබා ගත හැකි අතර ඔබ මිලදී ගන්නා භාණ්ඩ වල මුළු වටිනාකම 2000ට නොඅඩු විය යුතුය. ඔබට ආසන්නම ශාඛාව පහත ඇති වෙබ් පිටුවෙන් තෝරා 8.00පෙ.ව – 2.00ප.ව කාලය අතර තුර දුරකතන ඇමතුමක් මගින් ඇනවුම් කරන්න. භාන්ඩ නිවසටම ගෙන්වා ගත් පසු ගෙවීම් කල හැක.
ලගම ඇති ශාඛාව මෙතනින් තෝරාගන්න – https://bit.ly/39xQuMc
Uber Eats වෙතින්ද ඔබට Cargills FoodCity හි භාණ්ඩ මිලදී ගත හැක. මේ සදහා Uber Eats ඇප් එකට ඇතුලත් වී අවශ්‍ය ඇනවුම ඇතුලත් කල හැක.
Lassana Flora
Lassana Flora වෙතින් ඔබට අවශ්‍ය කරන එලවළු සහ පලතුරු වර්ග නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත. ඔබගේ පහසුව තකා පැකේජ කිහිපයක් සකසා ඇති අතර, අන්තර්ජාල ගෙවීමක් මගින් ඔබට නොමිලේ නිවසටම මෙම එලවළු සහ පලතුරු දින 5ක් ඇතුලත ගෙන්වා ගත හැක. වැඩි විස්තර – https://lassana.com/
Litro Gas (PickMe)
Litro Gas සමගමත් PickMe සමග සම්භන්ද වී ගෑස් සිලින්ඩර් නිවසටම ගෙන්වා දීමේ වැඩපිලිවෙලක් සකසා ඇත. PickMe App එක මගින් ඔබට අවශ්‍ය ගෑස් සිලින්ඩරට ඇනවුම් කල හැක. (මේ පිලිබදව අපි ඉහතදීද සදහන් කර ඇත. )
Litro Gas
Litro Gas සමගමත් PickMe සමග සම්භන්ද වී ගෑස් සිලින්ඩර් නිවසටම ගෙන්වා දීමේ වැඩපිලිවෙලක් සකසා ඇත. PickMe App එක මගින් ඔබට අවශ්‍ය ගෑස් සිලින්ඩරට ඇනවුම් කල හැක. (මේ පිලිබදව අපි ඉහතදීද සදහන් කර ඇත. )

PickMe
PickMe හරහා ඔබට අත්‍යාවශ්‍ය දෑ පහසුවෙන් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත. ලංකා සතොස, ලිට්‍රො ගෑස් හා පික් මී සමාගම් එක්ව ලබා දෙන සේවාවින් ඔබටත්, හාල්, පරිප්පු, සැමන් සහා ගෑස් ඇනවුම් කිරීමේ හැකියාව පවතිනවා.
ඇනවුම් කිරීම සදහා PickMe App එකට පිවිස Food මෙනුවට පිවිසෙන්න.
ඔබට අසල ඇති සතොස වෙලද සැල් සහ ලිට්‍රො ගෑස් වෙලද නියෝජිතයන් පිලිබද විස්තර ලබා ගෙන මෙමගින් ඇනවුම් කරන්න පුලුවන්. රු 1000/-ට අඩු ඇනවුම් සදහා Cash on Delivery සේවාව මගින් භාන්ඩ ගෙන්වා ගත හැකි අතර, පැය 24ක් ඇතුලත ඔබගේ භාණ්ඩ නිවසටම ගෙන්වා දෙයි.
මීට අමතරව Online Payment ක්‍රමයක් හරහා මුදල් ගෙවීමට බලාපොරොත්තු වෙන ඔබට
PickMe මගින් වට්ටම් ලබා ගැනීමේ අවකාශය ද හිමි වේ. මෙම දීමනාවන් අවසන් වන දින පිලිබද විස්තර පහත දක්වා ඇත.
Standard Chartered – 4th April
Seylan Bank – 7th April
Commercial Bank -05th April
HNB – 10th April
Peoples Bank – 10th April
NTB – 10th April
DFCC – 15th April
NDB – 15th April
Union Bank – 20th April
මේ පිලිබද වැඩි විස්තර සදහා PickMe App එක බලන්න.


Wasi.lk
Wasi.lk මගින් ඔබට අවශ්‍ය කරන එළවළු, පලතුරු, මස් හා බිත්තර නිවසටම ගෙන්වා ගත හැක. මෙම සේවාව කොළඹ, දෙහිවල, නුගේගොඩ හා ගල්කිස්ස ආස්‍රිත ප්‍රදේශ වල වෙසෙන ඔබට ලබා ගත හැක. ඇණවුම් කිරීම හා වැඩි විස්තර සදහා පිවිසෙන්න – https://www.wasi.lk/
LKCart
ඔබට අවශ්‍ය කරන එළවළු වර්ග නිවසටම ගෙන්වා ගත හැකි තවත් සේවාවක් තමයි
LKCart. ඔබට අවශ්‍ය එළවළු වර්ග අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමට, මෙම [වෙබ් පිටුවට පිවිසෙන්න]. ඔබගේ පහසුව සදහා එළවළු අඩංගු පැකේජ සකසා ඇති අතර වෙනමමද අනෙකුත් එළවළු සාදාරණ මිලකට ලබා ගත හැක. මෙම සේවාව කොළඹ, මොරටුව, රත්මලාන, දෙහිවල, බොරලැස්ගමුව, කලුබෝවිල, නුගේගොඩ, මහරගම, පමුණුව, පන්නිපිටිය, තලවතුගොඩ, රුහුණුපුර, බත්තරමුල්ල, කෝට්ටේ, රාජගිරිය, කොට්ටාව, මාලබේ, කඩුවෙල අවට ප්‍රදේශ වල සිටින ඔබට ලබා ගැනීමේ හැකියාව ඇත.
ඇණවුම් කරන්න -[ https://www.lkcart.com/]
Saaraketha Organics
සාරකෙත වෙතින් කාබනිකව වගා කරන ලද එළවළු හා පලතුරු නිවසටම ගෙන්වා ගත හැක. ඔබට මේ පිලිබදව වැඩි විස්තර 0774367792, 075 291 2905, 0750379620 මෙම අංක වලින් හා මෙතැනින් ලබා ගත හැක.

Ceylon Biscuit Limited (LankaSoy, Sera, Samaposha, Ritsbury, Tiara)
ඔබට දැන් Ceylon Biscuit Limited ආයතනයේ නිශ්පාදන Pick Me සේවාව හරහා නිවසටම ගෙන්වා ගන්න පුලුවන්. මෙම නිශ්පාදන ගෙන්වා ගැනීම සදහා Pick Me App එක හරහා ඇනවුම් කල හැක. මෙම සේවාව නුගේගොඩ, බොරලැස්ගමුව, මහරගම, පන්නිපිටිය, බත්තරමුල්ල හා කෝට්ටේ ප්‍රදේශ වල වෙසෙන ඔබට ලබා ගත හැක.

Daraz
ලංකාවේ ඇති විශාලතම Online ජාලයක් වන Daraz වෙතින් ඔබට අවශ්‍ය වියලි ආහාර, සනීපාරක්ශක දෑ සහ වෙනත් ආහාර පාන ඇනවුම් කිරීමේ අවකාශය ඇදිරි නීතිය පවතින අවස්තාවේ පහසුකම් සලසා දී ඇත. Daraz App එක මගින් ඔබට අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගත හැක. මේ වන විට මෙම සේවාව කොළඹ හා ඊට තදාසන්න ප්‍රදේශවලට ලබා දී ඇති අතර ඉදිරි දින වලදී මෙම සේවාව ලංකාව පුරාවටම ලබා දීමට නියමිතයි.
Laugfs
Laugfs සමාගම කොළඹ හා ගම්පහා දිස්ත්‍රික්ක වලට ගෑස් සැපයුම delivery සේවාවක් මගින් ලබා දීම ආරම්භ කර ඇත. 0114427427 මෙම අංකය සම්භන්ද කිරීමෙන් ඔබගේ ගෑස් අවශ්‍යතාව පැය 24ක් ඇතුලත සපුරා ගත හැක.
Osusala
ඔසුසල හා ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එක්ව රට පුරා අත්‍යාවශ්‍ය බෙහෙත් බෙදා හැරීමේ වැඩපිලිවෙලක් සකස් කර ඇත. මෙමගින් ඔබටත් බෙහෙත් ඇණවුම් කල හැක. මේ සදහා ඔබගේ බෙහෙත් රිසිට් පත, මෙම වෙබ් පිටුව ඔස්සේ ඇතුලත් කර, ඔබගේ ලිපිනය ඇතුලු අනෙකුත් විස්තර ලබා දීම මගින් බෙහෙත් නිවසටම ගෙන්වා ගත හැක.
Nawaloka Hospitals
නවලෝක වෛද්‍ය මධ්‍යස්ථාන හරහා ඔබට අවශ්‍ය කරන බෙහෙත් වට්ටෝරු නිවසටම ලබා ගැනීමේ හැකියාවක් ඇත. ඔබ ජීවත් වන්නේ බත්තරමුල්ල, රාජගිරිය, කිරිබත්ගොඩ හා පානදුර අවට නම්, උදේ 8 සිට සවස 5 දක්වා ක්‍රියාත්මක වන මෙම සේවාවින් ඖෂධ අත්පිට මුදලට නිවසටම ගෙන්වා ගත හැක. ඔබ කල යුත්තේ ඔබගේ බෙහෙත් වට්ටෝරුව මෙම අංක වලට Whatsapp, Viber හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට ([email protected], [email protected]) එවීමයි. වැඩි විස්තර සදහා අමතන්න, 0774640922, 0716688280 (පානදුර අවට ) , 0774173322 ( බත්තරමුල්ල, රාජගිරිය හා කිරිබත්ගොඩ අවට )
Pelwatte Dairy
ඔබට අවශ්‍ය පැලවත්ත නිශ්පාදන ගෙදරටම ගෙන්වා ගැනීම සදහා 0710215162 Whatsapp මගින් සම්භන්ද කර ගැනීමෙන් ඔබට කිරිපිටි, බටර්, අයිස් ක්‍රීම් වැනි කිරි ආස්‍රිත නිශ්පාදන ගෙන්වා ගත හැක. මෙම සේවාව කොළඹ, කලුතර සහ ගම්පහ අවට ප්‍රදේශ වල වෙසෙන ඔබට ලබා ගත හැක.

Medihelp Hospitals
Medihelp Hospitals මගින් ඔබට අවශ්‍ය බෙහෙත් වර්ග නිවසටම ඇනවුම් කල හැක. ඔබගේ බෙහෙත් රිසිට් පතේ photo එකක් Whatsapp හරහා 0767545453 මෙම අංකයට යැවීමෙන් පැය 24ක් ඇතුලත ගෙන්වා ගත හැක. කොලඹ, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, පානදුර, කොහුවල, පැපිලියාන, බොරළැස්ගමුව, පිලියන්දල, කැස්බෑව, බන්ඩාරගම, හොරන, නුගේගොඩ, නාවින්න, මහරගම, පන්නිපිටිය හා කොට්ටාව ප්‍රදේශ වලට මෙම සේවාව ලබා ගත හැක.

Arpico Supercentre
Arpico Supercentre මගින් නිවසට අවශ්‍ය කරන භාන්ඩ නිවසටම ගෙන්වා ගැනීමේ වැඩ පිලිවෙලක් සකස් කර ඇත. රට පුරා ඇති Arpico Supercentre 25 කට ආසන්න ශාඛා හරහා මෙම සේවාව ලබා ගත හැකි වන්නේ, වැල්ලවත්ත, දෙහිවල, හොමාගම, තලවතුගොඩ, නාවින්න, බත්තරමුල්ල, මාලබේ, පිලියන්දල, වත්තල, කොහුවල, කිරිබත්ගොඩ, බොරලැස්ගමුව, කඩවත, ගම්පහ, මීගමුව, යක්කල, පානදුර, කලුතර, ගාල්ල, මතර, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, කටුගස්තොට හා අවට සිටින ඔබටයි. පෙ.ව. 10.00ත්, ප.ව3.00ත් අතර ඔබගේ ඇනවුම ලබා දිය හැකි අතර මේ සදහා delivery ගාස්තුවක්ද අය කෙරේ. වැඩි විස්තර මෙතැනින් ලබා ගන්න.

Good Market Lanka
Good Market Lanka විසින් delivery සේවාවන් 28 වැනිදායින් පසුව ලබා දීමේ වැඩපිලිවෙලක් සකසා ඇත. ඔබට අවශ්‍ය වස විස නැති එලවලු, පලතුරු, ව්‍යාංජන, සම්බෝල, චට්නි හා තවත් ආහාර වර්ග ඉදිරි දිනයන් හිදී නිවසටම ගෙන්වා ගත හැක. මෙම සේවාව, කොළඹ, බත්තරමුල්ල, පැලවත්ත, මාලබේ, අතුරුගිරිය, තලවතුගොඩ, කෝට්ටේ හා මහරගම සිටින ඔබට ලබා ගත හැක. [email protected] ඔබට අවශ්‍ය දෑ විද්‍යුත් තැපෑල මගින් හෝ දුරකතන 0772764455 or 0770208642 ඇමතුමක් මගින් ඇනවුම් කල හැක.
Sierra Rice Products
ඔබ කොට්ටාව හා පන්නිපිටිය අවට සිටිනවා නම්, Sierra Rice Products මගින් අවශ්‍ය වියලි ආහාර ( හාල්, පරිප්පු, සෝයා, කරවල, ධාන්‍ය වර්ග, කුලු බඩු ) නිවසටම ගෙන්වා ගත හැක. මේ පිලිබදව වැඩි විස්තර මෙම අංක වලට ඇමතීමෙන් ලබා ගන්න පුලුවන්. 0713846327, 0717446331, 0714723211
Fresh Harvest
විසින් ඔබට අවශ්‍ය මාලු, ඉස්සෝ සහ දැල්ලෝ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් සලසා දී තිබෙනවා. මෙම සේවාව කොළඹ හා අවට ප්‍රදේශ වලින් ලබා ගත හැකි අතර, 0766644644 ඇමතීම මගින් මේ පිලිබද වැඩි විස්තර ලබා ගත හැක.
Park Hospitals
Park Hospitals ද ඇදිරි නීතිය සමයේ ඔබට අවශ්‍ය කරන බෙහෙත් වර්ග නිවසටම ගෙනැවිත් දීමට සූදාම්ව සිටී. ඔබගේ බෙහෙත් වට්ටෝරුව 0707590200 මෙම අංකය ඔස්සේ Whatsapp හෝ Viber මගින් යැවීමෙන් ඇනවුම් කල හැක. මෙම සේවාව කොලඹ, දෙහිවල, නුගේගොඩ, මහරගම සහ කෝට්ටේ ප්‍රදේශ වල සිටින ඔබට ලබා ගත හැක.

Union Chemists
Union Chemists වෙතින් කොළඹ හා ඊට ආසන්න ප්‍රදේශ වලට අත්‍යාවශ්‍ය බෙහෙත් බෙදා දීමේ කටයුතු ආරම්භ කර ඇත. ඔබටත් 0763592765 අංකය ඔස්සේ Whatsapp මගින් සම්බන්ද වීමෙන් හෝ