අපි හමෝම කැමති අපේ සම නිරෝගීව හා ලස්සනට තියා ගන්න. ඒත් අද බොහෝ පිරිස් උත්සහ කරන්නේ ඉක්මනින්ම පැහැපත් සමක් ලබා ගන්න. මොකද සුදු වෙනවා කියන්නේ ලස්සන වීමක් බව බොහෝ තරුණ තරුණයින්ගේ අදහසයි. නමුත් බොහෝ දෙනා විවිධ ආලේපන හිතුමතේට පාවිච්චි කිරීම නිසා සමේ විවිධ ආසාදන ඇති වීමට පුලුවන්. නමුත් ඔබ දන්නවාද ඔබට අවශ්‍ය වන්නේ පැහැපත්කම පාදක කරගත් සමක් පමණක් නොව, නීරෝගී සමක් බව? මේ නිසා අපේ සම අපි නිරතුරුවම පැහැපත්ව මෙන්ම නීරෝගීවද තබා ගැනීමට උත්සහ කල යුතුයි. ඔබේ සම ගැන සැලකිලිමත් විය යුතුමයි. මොකද එය ඔබේ සෞඛ්‍ය පද්ධතියේ වැදගත්ම අංගයක් වන අතර එය ඔබේ ශරීරයේ විශාලතම අවයවයයි.
ඔබේ සෞඛ්‍යය නිරෝගීව තබා ගැනීම සඳහා බොහෝ සෞඛ්‍ය වෘත්තිකයන් ඔබට පවසන පළමු දෙය නම් හිරුගේ හානිකර පාරජම්බුල කිරණවලට නිරාවරණය නොවී සිටීමට කියායි. උදෑසන සූර්යයාලෝකය අපගේ සමට ඉතා ගුණදායක බවත් සිහියේ තබා ගත යුතුයි. දෛනිකව හිරුට නිරාවරණය වීම මිනිත්තු 10-15 පමණ වීමෙන් ඔබේ සමට විටමින් ඩී සම පුරා නිපදවීමට උදවු වෙනවා.විටමින් සී ද ඔබට අවශ්‍ය පරිදි මෙම හිරු කිරණ මගින් ලැබෙනවා. නිසා සුලු වේලාවක් සූර්යයාලෝකයට නිරාවරණය වීම ඔබේ සමට අත්‍යවශ්‍යමයි.
විටමින් කියන්නේ අපේ සමට වගේම ශරීරයට අත්‍යාවශ්‍යම දෙයක්. අපි ගන්නා විවිධ ආහාර වර්ග පලතුරු වර්ග වගේම අපි පානය කරන විවිධ යුෂ වර්ග වලින්ද අපේ ශරීරයට අවශ්‍ය විටමින් වර්ග ලැබෙනවා. ප්‍රධාන වශයෙන් විටමින් වර්ග සම වයසට යාම නතර කරනවා පමණක් නෙවෙයි ඔබේ මුහුණ පැහැපත් සහ නිකැලැල් කර ගැනීමට උදවු වෙනවා. ඔබට විටමින් වර්ග ආහාර පාන වලින්ම නොව ඔබ භාවිතා කරනා ආලේපන වලින්ද ගත හැකිය. එම නිසාම ප්‍රමිතියෙන් උසස් ආලේපණ වර්ග භාවිතා කිරීම වඩාත් උචිතයි. අපි බලමු ඔබේ සමට අවශ්‍ය විටමින් වර්ග මොනවාද කියලා.
විටමින් නිසා ඔබේ සමේ ඇති විය හැකි මෙවැනි තත්වයන්ට මුහුණ දීමට හැකියාවක් ලැබෙනවා
විටමින් ඩී බොහෝ විට ලැබෙන්නේ ඔබේ සමට හිරු එළිය අවශෝෂණය කරගන්නා විටයි. මෙමගින් කොලෙස්ටරෝල් විටමින් ඩී බවට පරිවර්තනය වෙයි. විටමින් ඩී ඔබේ අක්මාව හා වකුගඩු මගින් ශරීරය පුරා ප්‍රවාහනය කර සෞඛ්‍ය සම්පන්න සෛල නිර්මාණය කිරීමට උපකාරී වේ. එය සමේ රෝග වලට ප්‍රතිකාර කිරීමට පවා උපකාරී වේ.
මේ නිසා අපේ සමට විටමින් ඩී අවශ්‍ය වන අතර විටමින් ඩී මගින් සමේ ඇති මෙලනින් ප්‍රමාණයට ඉහල දමයි. මෙමගින් හිරු එළියෙන් ඔබේ සම ආරක්ෂා කර ඔබේ සම පැහැපත් කරනවා.විටමින් ඩී අඩංගු ආහාර නම් සැමන්, බිත්තර කහ මද, සමහර හතු වර්ගය.
විටමින් ඩී අඩංගු තත්වයෙන් උසස් ආලේපන වර්ගද ඔබට වෙළදපොලෙන් ලබා ගත හැකිය. මෙවැනි ආලේපණ වල තත්ත්වය පිලිබදව පසු විපරමකින් පසුව තෝරා ගන්නවා නම් තමයි වඩාත් හොඳ.
විටමින් සී අපගේ සිරුරේ ප්‍රතිඔක්සිකරණ ක්‍රියාවලියට ඉමහත් දායකත්වයක් ලබා දෙන අතර අපගේ සමට බෙහෙවින් උපකාරී වෙන විටමින් වර්ගයකි. සමේ පිටත වගේම අභ්‍යන්තරවද විටමින් සී මගින් ආරක්ෂා කරන්වා. සම ආරක්ෂා කරන ප්‍රති ජීවකයන්ගෙන් ඉහලම තැනක් ගත් සංඝටකයක් වන්නේ විටමින් සී ය.ඔබ හිරුට නිරාවණය වීමෙන් ඔබේ සමට හානීකර පාරජම්බුල කිරණින් ආරාක්ශා වීම සදහා ත් සමේ ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කිරීමටත් විටමින් සී බෙහෙවින් උපකාරී වේ.
අපගේ සෛල වලට සිදුවන හානිය අවම කිරීමට හා එම සෛල වල ප්‍රකෘතිමත් වීම සදහා විටමින් සී ගොඩක් උපකාරී වෙනවා. ශරීරයේ කොලජන් සංස්ලේෂණයට වැදගත්ම භූමිකාව වන්නේ විටමින් සී වන අතර හානියට පත් සම සුව කිරීමට ව්ටමින් සී උදවු වන අතර සමහර අවස්තා වල සමේ රැළි පෙනුමද වියළි සම අලුත් වැඩියා කිරීමටද විටමින් සී උදවු වෙයි. විටමින් සී මගින් සමේ අවපැහැ ගැන්වීම් අවම කරන අතර සමේ පැහැපත් බව ඒකාකරීව පවත්වා ගැනීමටද උදවු වෙයි.
දිනකට ඔබ විටමින් සී මිලිග්‍රෑම් 1,000ක් වත් ගත යුතුයි. එම ප්‍රමාණය ඔබට එදිනෙදා ගන්නා ආහාර වලින් ලබා ගත හැක. මේ නිසා විටමින් සී බහුල ආහාර ගැනීමට පුරුදු වෙන්න. දොඩම් වැනි පැගිරි සහිත් ආහාර ගන්නවානම් වඩාත් හොදයි. මීට අමතරව ස්ට්‍රෝබෙරි, නිවිති , අන්නාසී, තක්කාලී වැනි විටමින් සී බහුලව අඩංගු ආහාර ගැනීම තුලින් සමට අවශ්‍ය පෝෂණය ලැබෙනවා පමණක් නොවෙයි සමේ ඇති වන ඩාර්ක් ස්පොට් නැත්නම් අදුරු ලප සහ සමේ ඇති ලප කැලැල් ඉවත් කර ඔබේ සම දීප්තිමත් කිරීමට උපකාරී වෙනවා. අද වෙළදපොලෙන් ඔබට අවශ්‍ය විටමින් සී අඩංගු ආලේපන සහ අතිරේක සප්ලිමන්ට් වර්ග ද ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
විටමින් සී මෙන්ම විටමින් ඊ ද ප්‍රතිඔක්සිකාරක ක්‍රියාවලියට ඉමහත් දායකත්වයක් ලබා දේ. විටමින් ඊ මගින්ද අපේ සම පාරිජම්බුල කිරණ මගින් ආරක්ෂා කරයි. විටමින් ඊ මගින් සමේ අදුරු ගතිය අඩු කර රැළි වැටීම්ද වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් සමේ තෙතමනය රඳා පවත්වා ගැනීම සඳහා සෙබම් ද්‍රාවණ නිශ්පාදන ක්‍රියාවලියටද විටමින් ඊ උපකාරී වෙනවා. ඔබට විශේෂයෙන් වියළි සමක් ඇත්නම් විටමින් ඊ අඩංගු ආලේපන වර්ග මගින් එය මඟහරවා ගැනීමේ හැකියාව තියෙනවා. විටමින් ඊ සෙබන් හිගයට එරෙහිව කටයුතු කරන අතර සමේ දැවිල්ලටද විටමින් ඊ කදිම විසදුමකි.බොහෝ සම ආරක්ෂා කරන නිශ්පාදන නිශ්පාදන වල විටමින් ඊ අඩංගු වන අතර මෙ නිසා ඔබේ ආලේපන වල විටමින් ඊ අඩංගු වනවා නම් එයින් ඔබේ සමට ඇති විය හැකි විවිධ බලපෑම් වලක්වා ගැනීමට හැකියාව තිබේ. මේ අතර ඔබ ගන්නා ආහාර වේලෙහිද විටමින් ඊ අඩංගු විය යුතුයි. දිනකට වැඩිහිටියන් වශයෙන් අවම මිලිග්‍රෑම් 15 වත් ගත යුතුයි. විටමින් ඊ අඩංගු ආහාර වන්නේ ආම්න්ඩ්, රට කජු, අලිගැටපේර, බටර්, වැනි ආහාර වර්ග වල විටමින් ඊ අඩංගු වනවා. මීට අමතරව විටමින් ඊ අඩංගු අතිරේක සප්ලිමන්ට් වෙලදපොලෙන් ඔබට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.
ශරීරයේ රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලියට ආධාර කිරීමේදී විටමින් K අත්‍යවශ්‍ය වන අතර එමඟින් තුවාල, තැලීම් සහ ශල්‍යකර්මයෙන් පීඩාවට පත් ප්‍රදේශ සුව කිරීමට ශරීරයට උපකාරී වේ. විටමින් K හි මූලික කාර්යයන් ඇතැම් සමේ තත්වයන්ට උපකාරී වනු ඇතැයි විශ්වාස කෙරේ. ස්ට්‍රෙච් මාර්ක්ස්, කැළැල්, ඩර්ක් ස්පොට්, ඇස් යට කලු වීම වැනි තත්වයන් පාලනය කිරීමට විටමින් කේ සදහා හැකියාවක් තිබෙනවා. දිනකට විටමින් කේ වැඩිහිටි කෙනෙකු මිලිග්‍රෑම් 90-120 පමණ ගත යුතුයි. නිවිති, ගෝවා, කොල බෝංචි වැනි ආහාර ඔබ ගන්නවානම් විටමින් කේ ඔබේ ශරීරයට බහුල වශයෙන් ලැබෙනවා පමණක් නොව ඔබේ සමටද ප්රබෝධයක් ලබා දෙනවා.
සමේ ඉහල සහ පහල ස්ථර දෙකටම විටමින් ඒ අවශ්‍ය වේ. විටමින් ඒ ද ප්‍රතිඔක්සිකාරයකි .එබැවින් සම අව් රශ්මයෙන් ආරක්ෂා කරන අතර සමේ දැවිල්ලද නැති කරයි. ප්‍රමණවත් විටමින් ඒ නොමැති වූ විටද ඔබේ සම වියලීම සහ වෙනත් ආසාදන වලට ලක්විය හැකිය. මිදි, බතල, කැරට් වැනි ආහාර වල විටමින් ඒ බහුල බැවින් එවැනි ආහාර ලබා ගන්නේනම් ඔබේ සම පහැපත් සහ කරගැනීමට හැකි වනු ඇත.
විටමින් බී3 යනු ශාක සහ සත්ව ආහාර වලද බහුලව අඩංගු සංඝටකයකි. මෙම විටමින් බී3 මගින් නිරෝගී සමකට සහ මොළයට වගේම රුධිර සෛල සදහාද අත්‍යවශ්‍ය සංඝටකයකි. බොහෝ විට රූපලාවන්‍ය නිපැයුම් වල මෙම විටමින් වර්ගය බහුල වශයෙන් අන්තර්ගත වන්නේ සමේ ඇති වයස් ගත ස්වභාවය සහ මුහුනේ තිබෙන අඳුරු බව නැති කිරීමේ හැකියාව විටමින් බී3 වලට තිබෙන නිසාය. මස් , බිත්තර, හතු, අලිගැටපේර, කැරට්, රට කජු වැනි ආහාර වල විටමින් බී3 අඩංගු වනවා. ඔබ දවසට විටමින් බී3 මිලිග්‍රෑම් 16යක් පමණ ගත යුතු වෙන්වා. මෙමගින් රුධිර ක්‍රියාකාරීත්වය වගේම සමටද ඇති වන හානී වලක්වා ගැනීමට හැකියාවත් තිබෙන්වා.
ඉහත සදහන් කල විටමින් වර්ග දිනපතා අවශ්‍ය ප්‍රමාණයට ඔබ ලබා ගන්නේනම් ඔබේ සමට අමතර බ්ලීචින් ආලේපන කිසිවක් අවශ්‍ය වන්නේ නැත. ඔබේ සම දීප්තිමත් කර නීරෝගිව තබා ගැනීමට මෙම විටමින් වර්ග අවශ්‍ය වනවා පමණක් නොවෙයි මෙම විටමින් වර්ග සහිත ආහාර ගැනීමෙන් ඔබේ ප්‍රතිශක්තීකරණයද ඉහල නංවා රෝග වලට මුහුණ දීමට හකියාවක්ද ලැබෙනවා.