කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මේ දිනවල ලෝකය පුරා ඉතා සීග්‍රයෙන් පැතිර යන බව අපි කවුරුත් දන්නා කරුනක්. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු විවිධ සංවිධාන විසින් මේ උවදුරින් ආරක්ශා වෙන්න අපි ගත යුතු පියවරයන් පිලිබදව දැනුවත් කිරීම් කරලා තියෙනවා.
මේ වෙනකොට රජයෙන් දැනුම් දීල තියෙනවා එලියට යන්න එපා කියලා. ඒත් අපි හැමෝම දන්නවා තව ටික දවසකින් අපිට අත්‍යාවශ්‍ය දේවල් ගන්න එලියට යන්න වෙන බව. ඒ වෙලාවට ඔයාලටත් පුලුවන් නම් මේ පුරුදු වලින් කීපයක් හරි අනුගමනය කරන්න, ඔබටත් ඔබගේ පවුලටත් කොරෝනා වලින් වැලකී ඉන්න පුලුවන්.
වැඩට ගිහින් එන ගමන් ගෙදරට අවශ්‍ය කෑම බීම සහ වෙනත් දේවල් අරන් එන එක අපි හැමෝගෙම පුරුද්දක්. නමුත් අද පවතින තත්වේ අනුව, කර්ය බහුල වෙලාවන් වලදී කඩයකට යන එක නුවනට සුදුසු නෑ. වැඩිය සෙනග ගැවසෙන්නේ නැති වේලාවක් තෝරා ගෙන බඩු මිලදී ගැනීම් කරනව නම් හොදයි. බඩු අරන් පෝලිමේ ඉද්දිත් එකිනෙකා එක්ක 1M පරතරයක් තියාගන්න.
කඩයට යන්න කලින් නිවසට සහ පවුලේ සැමට අවශ්‍ය දේවල් වල ලිස්ට් එකක් හදන්න. අවශ්‍ය දේවල් මතකයේ තියාගෙන යනවාට වඩා ලිස්ට් එකක ලියාගෙන ගියාම අඩු කාලයකින් අවශ්‍ය බඩු අරගෙන එන්න පුලුවන්. අනවශ්‍ය දේවල් වලට එලිමහනේ කාලය ගත කරන එක අඩු කරන්න.
මුදල් හුවමාරු කිරීමේ දී වෛරස, බැක්ටීරියා වගේ ආසාදනය වීමේ සම්භාවිතාව ගොඩාක් ඉහලයි. මුදල් වෙනුවට Credit/Debit Card එකක් භාවිතා කරනවා නම් මුදල් හුවමාරුව ආරක්ෂා කාරීව කරන්න පුලුවන්. මුදල් ගනුදෙනු වලින් පසුව Sanitizer එකකින් අත් දෙක සහ Credit/Debit Card එක පිරිසිදු කිරීම මගින් ඔබගේ සුරක්ශිත බව තවත් තහවුරු කරන්න පුලුවන්.
වයස අවුරුදු 20ට අඩු සහ 65ට වැඩි පුද්ගලයන්ට කොරෝනා වැලදුනොත් තත්වය බරපතල වීමේ සම්භාවිතාව වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කිරීමක් කලා. මේ වයස් පරතර වල ඉන්න අම්මලා, තාත්තලා, දුවලා, පුතාලා වැඩිය එලියට යන්නේ නැතුව ඉන්න තරමට හොදයි.
මිලදී ගත් බඩු සහ ආහාර පාන නිවසට ගෙනාවට පසු එවා වල ඇසුරුම්, ශොපින් බෑග් වලින් ඉවත් කර ඉවතලන දෑ නිවසින් පිටත ස්තානයකට බැහැර කරන්න. වෛරසය ඒ ඇසුරුම් වල තිබුනොත් නිවසේ කෙනෙකුගෙ ස්පර්ශ වෙන්න පුලුවන්. නැවත භාවිතා කරන්න පුලුවන් ඇසුරුම් තියෙනවා නම් ඒවා නිසි ආකාරව පිරිසිදු කරලා ගබඩා කරන්න.
කඩයට ගිහින් ආවාම ඔබගේ පවුලේ අය සමග කාලය ගත කරන්න කලින්, අත්, කකුල්, මූන සහ බෙල්ල ප්‍රදේශ සබන් ගා හොදින් පිරිසිදු කරගන්න. ගමන සදහා යොදාගත් ඇදුම් සමග තමනුත් හොදින්ම පිරිසිදු වෙනවා නම් වඩාත් හොදයි.
ගමන සදහා යොදා ගත් සපත්තු, සෙරෙප්පු නිවස තුලට රැගෙන ඒමෙන් වලකින්න.
ගොඩක් වෙලාවට අපි මිලදී ගන්න එලවලු පලතුරු පරිසරයට නිරාවරනය වෙලා ගොඩක් වෙලා තියෙනවා. සමහර අය අල්ලල බලල අයෙත් තියනවා. ඒ නිසා අපි අරන් එන එලවලු පලතුරු ගෙනාවට පස්සේ හොදින් සෝදා පිරිසිදු කරලා ගබඩා කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
අවශ්‍ය භණ්ඩ Delivery කරගන්න පුලුවන් නම් මේ වෙලාවේ ගොඩාක්ම ආරක්ෂිත ක්‍රමවේදය වෙන්නේ ඒක.