ඇදිරි නීතිය සමයේ නිවසටම කෑම deliver කරන අවන්හල්
Curfew සමයේ KFC ආයතනය මේ වන විට රටපුරා ආහාර වර්ග බෙදා හැරීම ආරම්භ කර ඇත. ඔබ සිටින්නේ, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, ගාල්ල, කොටහේන, යාපනය, මඩකලපුව, කුරුනෑගල, නුගේගොඩ, මොරටුව, කොට්ටාව හා මහනුවට මෙම සේවාව ලබා ගත හැක. ඔබට 0115 532 532 අංකය අමතා ආහාර ඇනවුම් කල හැක.
Dominos Pizza වෙතින්ද ඔබට pizza ඇනවුම් කිරීමේ අවස්තාව ඇත. මෙම සේවාව දෙහිවල, රාජගිරිය, නුගේගොඩ, මහරගම, පැලවත්ත, මොරටුව, මාලබේ. කොටහේන හා ගම්පහ ප්‍රදේශ වල වෙසෙන ඔබට ලබා ගත හැකි අතර, 7889 ඇමතීමෙන් ඇනවුම් කල හැක.
Pizza Hut ආයතනය වෙතින්ද ඔබට pizza ඇනවුම් කිරීමේ අවස්තාව හිමිව ඇත. ඔබ බොරැල්ල, කොළඹ, දෙහිවල, හැව්ලොක්, කඩවත, නුවර, කටුගස්තොට, කොට්ටාව, කුරුනෑගල, මාලබේ, මොරටුව, නාවල, නුගේගොඩ, පැලවත්ත, පානදුර, පෙරාදෙනිය, පිලියන්දල, පිටකෝට්ටේ හා රාජගිරිය අවට ජීවත් වන කෙනෙක් නම් Pizza Hut වෙතින් මෙම සේවාව ලබා ගත හැක.ඇනවුම් කිරීම සදහා පිවිසෙන්න – www.pizzahut.lk
Sen-Saal ආයතනය විසින්ද බේකරි නිශ්පාදන නිවසටම ගෙන්වා ගත හැකි අතර සීමිත ඇණවුම් සංඛ්‍යාවක් පමණක් බාර ගනු ලැබේ. මෙම සේවාව බත්තරමුල්ල, පැලවත්ත, තලවතුගොඩ, මාලබේ, කොස්වත්ත, පිටකෝට්ටේ රාජගිරිය, නාවල, නුගේගොඩ, කොහුවල හා කොළඹ ආශ්රිත ප්‍රදේශ වලට ලබා ගත හැක. වැඩි විස්තර සදහා, 0773298398, 0773610164, 0764343030, 0766077888, 0770132250, 0768481555, 0770132249, 077190044, 076847155 අමතන්න.
Ceylon City Hotel ද කොළඹ, දෙහිවල, කලුබෝවිල හා නුගේගොඩ ප්‍රදේශ වලට ආහාර deliver කරනු ලැබේ. ඔබට 0768209103 මෙම අංකයට දුරකතන ඇමතුමක් ලබා දීමෙන් හෝ 0768209105 මෙම අංකයට Whatsapp ඔස්සේ සම්භන්ද වීමෙන් ඔබට අවශ්‍ය ආහාර ඇනවුම් කල හැක. සීමිත ඇණවුම් සංඛ්‍යාවක් පමනක් බාර ගනු ලබන අතර ඇණවුම් කල හැකි අවම අගය 2000/- වේ.
Giovanni’s වෙතින් කොළඹ 05 අවන් හල අවට ප්‍රදේශවලට Pizza delivery කරනු ලැබේ. ඇණවුම් කිරීමට, 0770335366 මෙම අංකය ඔස්සේ 12.30 ප.ව සිට 5.30 ප.ව කාලය තුල අමතන්න.
Arthur’s Pizza ද ගල්කිස්ස හා ඒ ආශ්රිත ප්‍රදේශ වලට Pizza හා බත් deliver කරනු ලැබේ. ඇණවුම් කිරීම සදහා 0117 955 955 අංකය 12.00 ප.ව – 10.00 ප.ව කාලය අතර තුර අමතන්න.
Michaelangelo Pizza ද රාජගිරිය, නාවල හා කොළඹ 3,5,6,7,8 ප්‍රදේශ වලට ඇණවුම් deliver කරනු ලැබේ. ඇණවුම් කිරීම සදහා 5.00 ප.ව – 8.00 ප.ව කාලය අතරතුර 0777 612 612 අංකය අමතන්න.
Brio. The Italian kitchen හෝකන්දර, බත්තරමුල්ල, පැලවත්ත හා තලවතුගොඩ ප්‍රදේශ වලට ආහාර deliver කරණු ලැබේ. ඇණවුම් කිරීම සදහා 11.00 පෙ.ව – 09.00 ප.ව අතර කාලය අතර තුර 0704 448 448, 0112 885 881 අංක අමතන්න.
Burger King Sri Lanka ත් රට පුරා පිහිටි ශාඛා ඔස්සේ ආහාර බෙදා හැරීම ආරම්භ කර ඇත. ඔබත් මෙම ශාඛා වලින් 4km වලට නොදුරින් සිටින්නේ නම්, ඔබටත් burger ඇණවුම් කිරීමේ හැකියාව ඇත.මේ සදහා 0115 123 123 අංකය හෝ ඔබට ආසන්න Burger King ශාඛාව අමතන්න.
Barista Sri Lanka ඔබගේ කෝපි එක නිවසටම ගෙන ඒමේ වැඩපිලිවෙලක් සකසා ඇත. ඇණවුම් කිරීම සදහා 8.00 පෙ.ව සිට 3.00 ප.ව කාලත අතර තුර 0712 38 38 38 අංකය අමතන්න. මෙම සේවාව කොළඹ 2, 3, 5, 6 හා 7 ප්‍රදේශ වල වෙසෙන ඔබට ලබා ගත හැක.