කෙරටින් සත්කාරයක් එහෙමත් නැත්නම් කෙරටින් ට්‍රිට්මන්ට් එක කියන්නේ අද කාලයේ බොහෝ කාන්තාවන්ගේ සිනිදු දිදුලන කේස් කළඹක රහස කිවොත් අපි නිවැරදියි. මේ දින වල මේ කොණ්ඩය සැකසීමේ ක්‍රියාවලිය ඉතාම ජනප්‍රිය තත්වයක තමයි තියෙන්නේ. නමුත් මේක ඕනෑම කෙනෙක්ට කරගන්න පුලුවන්ද? මේකෙන් මොකක්ද ඇත්තටම වෙන්නේ? කොච්චරක වගේ වියදමක් යනවද? මේ වගේ ගොඩක් කතා වගේම විවිධ අදහස් සහ මත මේ කෙරටින් ට්‍රිට්මන්ට් ගැන කතා කරද්දී අපිට අහන්න ලැබෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක කෙරටින් ට්‍රිට්මන්ට් ගැන ඔයා දැනගන්නම ඕන කාරණා සහ මේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් පැහැදිලි කිරීමකුත් අපි මේ ලිපියෙන් ඔයාට කියන්න බලාපොරොත්තු වෙනවා.
මේක තමයි මේ ගැන අහල තියෙන නමුත් දන්නේ නැති කෙනෙක්ගේ පළවෙනිම ප්රශ්නය වෙන්නේ. කෙරටින් කියන්නේ නම් ඔයාගේ හිසකෙස් වල ස්වාභාවිකවම පවතින ප්‍රෝටීන් වර්ගයක් නමුත් සරලවම කියනව නම් කෙරටින් ට්‍රිට්මන්ට් එක කියන්නේ නම් ඔයාගේ කැරලි ගැසුන හෝ බොකුටු කොණ්ඩය සිනිදු සහ දීප්තිමත් කරන රසායනික ක්‍රියාවලියක්. මේකේ ප්‍රතිපල මාස 6ක් වගේ තමයි පවතින්නේ. මේකේ වෙනස් සංස්කරණ කිහිපයක්ම තිබෙනවා. ඒ නිසා ඔයාගේ හිසකෙස් වල අවශ්‍යතාවයට ගැලපෙන්න මේ සුත්‍රයේ සංයෝගය වෙනස් කරන්න ඔයාගේ කොණ්ඩා සැකසුම් ශිල්පියාට පුළුවන්. මේ ප්‍රතිකාරයේ සමහර සංස්කරණ උණුසුම් වෙනකොට ෆෝමල්ඩිහයිඩ් පිට කරන නමුත් මැන්හැටන් හි කොණ්ඩා සැකසුම් ශිල්පියෙක් වෙන ආර්සන් ගර්ගෝව් ගේ “Rio” කෙරටින් ප්‍රතිකාරය වගේ බොහොමයක් නවීන සංස්කරණ සම්පුර්ණයෙන්ම ෆෝමල්ඩිහයිඩ් වලින් තොරයි. ෆෝමල්ඩිහයිඩ් අන්තර්ගතය කෙසේ උවත් කෙරටින් සත්කාරය ඔබේ හිසකෙස් වල අභ්යන්තයටම ගමන් කොට එහි ඇති කුඩා සිදුරු තුලට පවා කෙරටින් ඇතුල් කිරීම නිසා ඔබට නිරෝගී පෙනුමැති කෙස් කළඹක් නිසැකයෙන්ම ලබා ගන්න පුළුවන්.
අනිවාර්යෙන්ම කෙරටින් සත්කාරය කියන්නේ මාස කිහිපයක් ගත වෙනකොට හේදිලා යන තාවකාලික ක්‍රමයක් උනත් කොණ්ඩය සෘජු කරන රසායනික රිලැක්සින් එකක් කියන්නේ කල් පවතින සථිර ක්‍රමයක්. මේ ක්‍රම දෙකට භාවිත කරන ද්‍රව්‍ය වගේම ඒවායින් ලැබෙන ප්‍රතිපලත් එකිනෙකට වෙනස්. රසායනික රිලැක්ස් කිරීමේදී භාවිතා කරන සෝඩියම් හයිඩ්රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්රොක්සයිඩ්,ලිතියම් හයිඩ්රොක්සයිඩ් හෝ ග්වනඩින් හයිඩ්රොක්සයිඩ් වගේ රසායනික නිසා පොකුටු කොණ්ඩයක ඇති බන්ධනයන් බිඳ නැවත සැකසීම නිසා හිසකෙස් සෘජු වීම වගේම දුර්වල වීමත් සිදුවනවා. නමුත් කෙරටින් සත්කාරය මගින් ඔබේ හිසකෙස් වල රසායනික සංයුතිය වෙනස් කිරීම වෙනුවට, හිසකෙස් වල ඇති කුඩා සිදුරු වලට ප්‍රෝටීන් එන්නත් කිරීම පමණක් සිදු කරනවා.එමගින් හිසකෙස් වල සුමුදු බවක් දැනෙනවා. මාස කිහිපයකට පසු මෙය ඉබෙන සේදී ඉවත්ව යෑමද සිදුවනවා.
මේකට දෙන්න පුළුවන් සරලම හා හොඳම පිළිතුර තමයි , යන්න ලඟම තියෙන සැලෝන් එකට.එතකොට එතන ඉන්න කොණ්ඩා සැකසුම් ශිල්පියෙක් ඔයාගේ කොන්ඩේ හෝදලා සමහරවිට තෙත කොණ්ඩයටම කෙරටින් සත්කාරය ආලේප කරලා සුත්‍රය සම්පුර්ණ වෙන්න පැය බාගයක් පමණ ඉන්න කියයි. එත් නැත්නම් සමරවිට ඔයාගේ කොණ්ඩය හොඳින් වේලලා ඊට පස්සේ කෙරටින් සත්කාරය සිදු කරන්නත් පුළුවන්. මේක ඉතින් කොණ්ඩා සැකසුම් ශිල්පියා සහ ඔයාගේ කොණ්ඩයේ අවශ්‍යතාව මත තමයි රඳාපවතින්නේ.
මිට අමතරව අවශ්‍ය නම් ඔයාට මේක ගෙදරදී උනත් කරගන්න පුළුවන් හැබැයි සැලෝන් එකේ වගේ ප්‍රතිපල නම් බලාපොරොත්තු වෙන්න එපා. මුලින්ම ඔයා නිවැරදි නිෂ්පාදනයක් තෝරාගන්න ඕන. ගොඩක් මේ වගේ නිෂ්පාදන වල කෙරටින් කියන වචනය තිබුන පමණින් ම ඒක කෙරටින් සත්කාරයක් වෙන්නේ නෑ. ඒ නිසා නිෂ්පාදනයේ අන්තර්ගතය අනිවාර්යෙන්ම බලන්න. ඊට අමතව පිළිපදින්න ඕන උපදෙස් පිලිබඳව බලන්න. කොන්ඩේ හෝදන්න ඕන විදිහ, වේලන්න ඕන විදිහ සහ සෘජු කරන්න් ඕන විදිහ ගැන සවිස්තරාත්මකව උපදෙස් දීලා තියෙනවද බලන්න.එහෙම නැත්නම් ඔයා අරගෙන තියෙන්නේ නියම කෙරටින් සත්කාරයක් නෙවෙයි. ඒ වගේම ඔයා නිවැරදි කෙරටින් සත්කාරයක් මිලදී ගත්තත්, සැලෝන් එකකදී කරා වගේ මාස ගණනක් ප්‍රතිපල තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා මොක්ද සැලෝන් එකකින් කරගෙන මාස ගානක් තිබුනට ගෙරදීම කරගත්තොත් සති කිහිපයකින් හේදිලා ඉවත්වෙලා යනවා. කොහොම උනත් වඩාත් හොඳ ප්‍රතිපල ලබාගැනීමට සහ ආරක්ශාකරිව මේ ක්‍රියාවලිය සිදුකරගන් සැලෝන් එකක පුහුණුව ලත් කොණ්ඩා සැකසුම් ශිල්පියෙක්ගෙන් කරගන්න එක වඩාත්ම සුදුසුයි කියලා තමයි අපි නිර්දේශ කරන්නේ.
ෆෝමල්ඩිහයිඩ් කියන්නේ පිළිකාකාරකයක් උනත් කෙරටින් සත්කාරකයා අඩංගු වෙන ෆෝමල්ඩිහයිඩ් ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයක් නිසා ඔබට එය නොසලකා හරින්න පුළුවන්. කොහොම උනත් ෆෝමල්ඩිහයිඩ් වලින් තොර සත්කාර කරගැනීමේ හැකියාව තිබෙන නිසා හැකි සෑම විටම ෆෝමල්ඩිහයිඩ්වලින් තොර කෙරටින් සත්කාරයක් කරගැනීම නුවණට හුරුයි. කොහොම උනත් ෆෝමල්ඩිහයිඩ් නැති සත්කාරයක් මගින් ෆෝමල්ඩිහයිඩ් අඩංගු වෙන සත්කාරයක තරමටම විශිෂ්ට ප්‍රතිපල අත්කරගැනීමේ හැකියාවක් නැහැ වගේම එහි කල් පැවැත්මත් තරමක් අඩුයි. නමුත් ෆෝමල්ඩිහයිඩ් අඩංගු වෙන කෙරටින් සත්කාරයට වඩා ආරක්ෂාකාරීයි කියලා කියන්න පුලුවන්. ඒ වගේම මෙහි දැනට ඔප්පු කරන කල කිසිදු අතුරු ආබාධයක් නැහැ. කොහොම උනත් ෆෝමල්ඩිහයිඩ් රසායනිකය හේතුවක් සුළු වශයෙන් සමෙහි සහ ඇස් වල ආසාදන තත්වයක් ඇති වෙන්න පුළුවන්.ඒ නිසාම තමයි මේ ක්‍රියාවලිය හොඳින් පුහුණු වූ කොණ්ඩා සැකසුම් ශිල්පියෙක් විසින්ම සිදු කල යුතු වන්නේ.
පිළිතුර ඔව්.රසායනික රිලැක්සර්ස් මෙන් නොව, ඔබට කිසිදු කෙස්වලට හානිවීමේ අවදානමකින් තොරව ආරක්ශාකාරීව වර්ණ ගැන්වූ හිසකෙස් වලටම කෙරටින් සත්කාරය කරගැනීමේ හැකියාව තිබෙනවා.
කෙරටින් සත්කාරයක් හිසකෙස් වලට කරලා පැය 48 කැ කාලයක් ගත වෙනකල් ඔයාට කොණ්ඩය හෝදන්න හෝ, පිටුපසට කරලා බඳින්න බැහැ. කොණ්ඩා සැලකුම් ශිල්පින් විසින් නිර්දේශ කරන විදිහට සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් හා කන්ඩිෂනර් එකක් භාවිත කිරීමෙන් වැඩි කාලයක් මෙහි ප්‍රතිපල පවත්වාගන්න පුළුවන්.කොහොම උනත් කෙරටින් සත්කාරයක් සිදුකරගනිමෙන් පස්සේ පිළිපදින්න ඕන කරුණු ගැන ඔයාගේ කොණ්ඩා සැකසුම් ශිල්පියාගෙන් හරියටම අහලා දැනගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඒ දෙන උපදෙස් හරියටම පිලිපදින්නත් අමතක කරන්න එපා.
ගර්භනී කාන්තාවන් සඳහා කෙරටින් සත්කාර සිදු කිරීම නිර්දේශ කරන්නේ නැහැ.
මේකත් ඇත්තටම ඔයාගේ හිසකෙස් වල දිග, හිසකෙස් වල අවශ්‍යතාවයන්, කොණ්ඩා සැකසුම් ශිල්පියා සහ සැලෝන් එක කියන කාරණා මත වෙනස් වෙන්න පුළුවන් නිසා නිශ්චිත මිලක් මෙපමණක් කියලා කියන්න හැකියාවක්. නෑ කොහොම උනත් කෙරටින් සත්කාරය කියන්නේ එතරම් ලාභදායි ක්‍රමයක් නොවන වග අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. ශ්‍රී ලංකාවේදී නම් විශාල මුදලක් මේ සඳහා වැය කරන්නට ඔබට සිදු වෙයි.
කෙරටින් සත්කාරය ගැන ඔයා හොඳ අවබෝධයක් ගන්නට ඇති කියලා අපි හිතනවා කොහොම උනත් ලිපිය අවසන් කරන්න කලින් කෙරටින් සත්කාරයක ඇති වාසි සහ අවාසි කතා කරන්නත් අපි අමතක කරන්නේ නැහැ.
• කෙරටින් සත්කාරයක් සිදුකරගැනීමෙන් පසුව ඔයාට මාස ගානක් යනකල් ඔයාගේ කැරලි ගැහුනා බොකුටු කොන්ඩෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන්
• වැඩිපුර කෙරටින් ආලේප කිරීම මගින් හිරු එළියෙන් සහ අනෙක් පාරිසරික තත්ත්ව නිසා හිසකෙස් වලට ඇතිවෙන හානි වීම් වලින් වැළකෙන්න හැකියාව ලැබෙනවා
• හිසකෙස් වලට වඩාත් සුමුදු, සැහැල්ලු දිදුලන පෙනුමක් ලැබීම
• කොණ්ඩය වියලීමට ගතවන කාල බොහෝසෙයින් අඩු වන අතර වියලිමකින් තොරව උනත් සිටීමේ හැකියාව මෙමගින් ලැබේ
• කොණ්ඩය සෘජු හා සිනිදු වීම නිසා කෙරටින් සත්කාරයට පසු ඔබට හිසකෙස් අඩු ගතියක් දැනෙන්න පුළුවන්
• සත්කාර කල හිසකෙස් හානි වීම වැලක්වීමට ඔබට විශේෂිත ෂැම්පු සහ කන්ඩිෂනර් පාවිච්චි කිරීමට සිදුවීම
• මාස 3 – 5ක් වැනි කාලයක් ප්‍රතිපල තිබෙන මෙම සත්කාරය සඳහා අධික මිලක් දැරීමට සිදුවීම සහ වසකට කිහිප සැරයක් ම සිදුකිරීමට වීම.
22 Comments
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Here you can find 87981 additional Information on that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Here you can find 85434 additional Info on that Topic: thepinkish.com/keratin-treatment/ […]
a
a
a
a
a
a
… [Trackback]
[…] There you can find 64729 additional Information to that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Find More to that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Find More Information here to that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Read More Info here on that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Find More Info here to that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Read More Information here to that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Read More here on that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Info on that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Read More here on that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Read More here on that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Find More on on that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/keratin-treatment/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/keratin-treatment/ […]