එදිනෙදා ආහාරයට සුදුසු තෙල් වර්ගයක් තෝරාගන්නේ කෙසේද, යන්න මුළුතැන්ගෙයෙහි කාලයෙන් කාලයට පැණ නැගෙන ප්‍රශ්නයක්. ඔබ දැනටමත් දන්නවා ඇති වෙළද පලේ එදිනෙදා පරිබෝජනයට සුදුසු හා නොසුදුසු තෙල් වර්ග බොහොමයක් දක්නට තිබෙන බව. අපි අද හිතුවා අපට හිතකර තෙල් වර්ග පිළිබදවත්, තෙල් වලින් ආහාර පිසීමේදී අනුගමනය කල යුතු හොද සෞඛ්‍ය පුරුදු පිලිබදවත් ඔබව දැනුවත් කරන්න. ඕනෑම කෙනෙකුට පෑන් එකට තෙල් ස්වල්පයක් එකතු කර යමක් ෆ්‍රයි කිරීම නොපුරුදු දෙයක් නොවේ. නමුත් ඔබේ ආහාර වඩාත් සෞඛ්‍ය සම්පන්න කිරීමට ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් ඇති අතර ඔබ සාදන ආහාර සෞඛ්‍ය සම්පන්න බව සහතික කිරීම සඳහා ඔබ නොකළ යුතු දේවල් කිහිපයක් ද තිබේ.
ඔබට වෙළද පොලෙන් මිලදී ගත හැකි ආහාර පිසීමේ තෙල් වර්ග බොහොමයක් තිබේ. නමුත් ඒවා ඇත්තටම ආරක්ෂිතද? ඔබේ පවුලට වඩාත් ගැලපෙන හොඳම ආහාරයට සුදුසු තෙල් තෝරා ගන්නේ කෙසේද? මේ ප්‍රශ්න වලට පිලිතුරු හා ඔබට වටිනා කරන තොරතුරු රැසක් මේ ලිපියෙන් අරන් එන්න අපි තීරණය කලා. අපි මුලින්ම බලමු අපගේ ආහාර පිසීමේදී භාවිතයට වඩාත්ම සුදුසු තෙල් වර්ග මොනාද කියලා.
ඔබගේ පහසුව තකා අපි මෙම ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන්ද ඵල කර ඇත. එය ඔබට මෙතැනින් බලන්න පුලුවන්.
අලිගැට පේර යනු ගොඩක් දෙනා ආදරය කරන සෞඛ්‍ය සම්පන්න පලතුරකි. ඉවුම් පිහුම් සඳහා අලිගැට පේර තෙල් තෝරා ගැනීමෙන් සෞඛ්‍යමය වාසි කිහිපයක් ද ලබා ගත හැකිය. ඔබේ සෞඛ්‍යයට හිතකර විටමින් E සහ අසංතෘප්ත මේද අම්ල එහි අඩංගු වේ. ඔබේ ළඟම වෙළඳසැලෙන් අලිගැට පේර තෙල් සොයා ගැනීම තරමක් අපහසු විය හැකි අතර එය මිල අධික විය හැකිය. නමුත් මෙහි ඇති අධික තාපයට ඔරොත්තු දීමේ හැකියාව නිසා ඉහුම් පිහුම් කටයුතු වලට වඩා උචිතම තෙල් වර්ගයකි.
පොල් තෙල් කවදත් අප රටේ ඉතා ජනප්‍රිය මාතෘකාවක් වී ඇත. පොල්තෙල් සෑම විටම අපගේ නිවෙස්වල පැවතුනද, එය පවසන තරම් සෞඛ්‍ය සම්පන්න නොවන බව මාධ්‍යවල විටින් විට පළ වෙනවා. කෙසේ වෙතත්, පොල්තෙල් ඔබේ සම සහ හිසකෙස් සඳහා පෝෂණීය වාසි රැසක් ඇති බව අපි හැමෝම දන්නා කරුණක්.
විවිධ වර්ගයේ පොල්තෙල් වර්ග සැකසූ ආකාරය අනුව වර්ගීකරණය කර ඇත. වර්ජින් පොල්තෙල් (Virgin Coconut Oil), පිරිපහදු කළ පොල්තෙල්, සහ ආර්.බී.ඩී පොල්තෙල් ඔබට මිලදී ගත හැකිය. ආහාර පිසීම සඳහා ඔබට වර්ජින් පොල්තෙල් (Virgin Coconut Oil) තෝරා ගත හැකි නම් එය වඩාත් සුදුසුය. මංද එම තෙල් පිරිපහදු කිරීමේදී කිසිදු තාපන ක්‍රියාවලියක් හමු නොවේ. එබැවින් එය පොල් වල ඇති සියලුම පෝෂ්‍ය පදාර්ථ සමඟ එන අතර ඉතා අඩු මේද ප්‍රමාණයක්ද ඇත.
ඔලිව් තෙල් ඔබට නිතිපතා ආහාර පිසීම සඳහා භාවිතා කළ හැකි හොඳ තෙල්වලින් එකක් ලෙස හඳුනාගෙන තිබේ. එය ද විවිධ වෙනස්කම් සහිතව පැමිණියද, වර්ජින් ඔලිව් තෙල් (virgin olive oil) සෑම විටම වෙළදපලින් ඔබට මිළදී ගත හැක.
ඔලිව් තෙල් මේද අම්ලය අඩංගු බැවින් ඔබේ හෘද සෞඛ්‍යයට යහපත් බව බොහෝ අධ්‍යයනවලින් තහවුරු වී තිබේ. නමුත් මෙම තෙල් වර්ගය ගැබුරු තෙලේ බැදීමේ කටයුටු වලට නම් උචිත නොවේ මංද එහි ඇති අවම තාපාංකය හේතුවෙන්.
ඔලිව් තෙල් ලොව පුරා ඉතා ජනප්‍රිය ඉවුම් පිහුම් තෙල් වන අතර ඔබට තෝරා ගත හැකි වෙළඳ නාම බොහොමයක් තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ වෙළද පලේ ඇති ඔලිව් තෙල් බොහොමයක් ප්‍රමිතියට අනුකූල නොවන බවයි. ඔලිව් තෙල් තෝරා ගැනීමට පෙර ඔබගේ තේරීමේ ප්‍රමිතිය තහවුරු කර ගැනීමට වග බලා ගන්න.
ඔබ බොහෝ විට ඔබේ ආහාර ගැඹුරු තෙලේ බැද ගැනීමට කැමති කෙනෙක් නම්, තල තෙල් ඔබට හොඳම තේරීමක් විය හැකිය. තල තෙල් වැඩි ස්මෝක්පොයින්ට් (Smoke point) ඇති බැවින්, අධික උෂ්ණත්ව වලට භාජනය වීමේ හැකියාවක් ඇත. තල තෙල් වල එයටම ආවේණික වූ රසයකින් යුක්ත වන අතර ඔබේ හෘද සෞඛ්‍යයට සහාය විය හැකි මේද අම්ල ද එහි අඩංගු වේ.
හණ බීජ තෙල් යනු ඔමේගා 3 වලින් පොහොසත් තෙල් වර්ගයකි. එහි අවම ස්මෝක්පොයින්ට් (Smoke point) එකක් ඇති අතර එය ගැබුරු තෙලේ ආහාර පිසීම් සඳහා හොඳ විකල්පය නොවේ. නමුත්, ඔබට හණ ඇට තෙල් භාවිතා කළ හැකිය. සරල බැදුම් සදහා භාවිතා කල හැකි ගුණදායක තෙල් වර්ගයකි.
හණ බීජ මගින් ඔබගේ සමට ඇති ප්රතිලාභ ගැන වැඩි විස්තර දැන ගැනීමට ඔබ කැමති නම් ඔබට මෙම ලිපිය කියවිය හැකිය.
ගැඹුරු තෙලේ ආහාර පිස ගැනීමට තවත් හොඳ තේරීමක් වන්නේ කැනෝලා තෙල් ය. මෙහි ඇති විශේෂිත ගුණයක් වන්නේ, අඩු සංතෘප්ත මේද ප්‍රමාණයක් අඩංගු වීමයි. කැනෝලා තෙල් වලත් ඉහල ස්මෝක්පොයින්ට් (Smoke point) එකක් ඇති බැවින්, වැඩි වේලාවක් ආහාර පිස ගැනීමේ කටයුතු සඳහා මෙම තෙල් භාවිතා කළ හැකිය. කැනෝලා තෙල් සාමාන්‍යයෙන් අධික සැකසුම් ක්‍රියාවලියකට භාජනය වන නිස්සා පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් කැනෝලා තෙල් සොයා ගැනීම තරමක් අපහසුය.
විටමින් E අඩංගු තෙල් වර්ග පිලිබදව කතා බහ කරන විට සූරියකාන්ත තෙල් පිලිබදව කතා කල යුතුමයි. සූර්යකාන්ත තෙල් වල විටමින් E, Omega-6 මේද අම්ලය සහ anti-inflammatory properties අඩංගු වේ. සූරියකාන්ත තෙල්වලට ඉහළස්මෝක්පොයින්ට් (Smoke point) එකක් ඇති අතර එය ගැඹුරු තෙලේ බැදීමටත් සහ වැඩි තාපයක් අවශ්‍ය වෙනත් දේ සඳහාත් භාවිතා කළ හැකිය. ඔබේ ආහාර වේලෙහි ඔමේගා -6 පමණක් බහුලව තිබීම ඔබේ සෞඛ්‍යයට අහිතකර බැවින් සූරියකාන්ත තෙල් අධික ලෙස පරිභෝජනය නොකිරීමට වග බලා ගන්න.
අප එදිනෙදා පරිභොජනය කරන තෙල් වල ස්මෝක්පොයින්ට් (Smoke point) එකක් ඇත. එනම්, ඕනෑම තෙල් වර්ගයක්, දුම් දමන අවස්තාවට පත් වන උෂ්ණත්වයි. ඕනෑම තෙල් වර්ගයක් ස්මෝක්පොයින්ට් (Smoke point) උෂ්ණත්වය දක්වා රත් වූ පසු, එහි විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ වැනි හොඳ දේ විනාශ වීමට පටන් ගෙන, අපගේ පරිබෝජනයට අහිත කර තත්වයක් ද ඇති විය හැක. ඔබේ ආහාර පිසීමේදී ඔබ භාවිතා කරන තෙල් වර්ගයේ ස්මෝක්පොයින්ට් (Smoke point) එක පිළිබදව දැනුවත් වී සිටීම වඩාත් උචිත වේ.
පිරිපහදු කළ තෙල්වල සාමාන්‍යයෙන් ඉහළ ස්මෝක්පොයින්ට් (Smoke point) එකක් අඩංගු වන අතර, පිරිපහදු නොකළ තෙල්වල අඩු ස්මෝක්පොයින්ට් (Smoke point) එකක් වන්නේ එය සැකසූ ආකාරය නිසාය. වර්ජින් ඔයිල් (virgin oil) වල සමාන්‍යයෙන් වැඩි ස්මෝක්පොයින්ට් (Smoke point) ඇති බැවින් ඔබට ආහාර පිසීමට ගත හැකි හොඳම තේරීම වනු ඇත.
ඔබේ ඉවුම් පිහුම් කටයුතු වලට උචිත තෙල් වර්ගයක් මිලදී ගැනීමට පෙර අමුද්‍රව්‍ය පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ, සමහර විට තෙල් නිෂ්පාදකයින් කල්තබා ගැනීමේ පහසුව සදහා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය එකතු කරයි. ඔබේ තෙල් 100% පිවිතුරු බව මිළදී ගැනීමට පෙර දැන ගැනීම වඩාත් යෝග්‍යයි.
අප ඉහල සදහන් කර ඇති තෙල් වර්ග වල ඉතා අවම ට්‍රාන්ස් මේද ප්‍රමාණයක් අඩංගු වේ. බොහෝ වර්ජින් (Virgin) තෙල් නිෂ්පාදන වල නිරෝගී මේද වැඩි වශයෙන්ද, ට්‍රාන්ස් මේදය අඩුවෙන්ද අඩංගු වේ. එහි අඩංගු මේද ප්‍රමාණය ද එය පිරිපහදු කළ ආකාරය මත රඳා පවතී. සීතල සම්පීඩනය හැර වෙනත් පිරිපහදු ක්‍රම ඔස්සේ පිරිපහදු කරන තෙල් නිෂ්පාදන වලින් ඈත් වී සිටීම වඩාත් යෝග්‍ය වේ.
ඔබ අධික තරබාරූ බවින් මිදීමට උත්සාහ කරන අයෙක් නම්, ඔබේ බර අඩු කර ගැනීමේ ක්‍රියාවලියට උපකාරී වන හොඳම තෙල් වර්ග සොයා ගැනීමට ඔබට පහත වීඩියෝව බලන්න.
වෙළඳපොලේ ආහාර පිසීමට සුදුසු තෙල් වර්ග බොහොමයක් තිබේ. ඔබේ සහ ඔබේ පවුලේ යහපත සඳහා ඇත්තටම සෞඛ්‍ය සම්පන්න පිසින තෙල් තෝරා ගැනීම වඩාත් උචිතය. ඔබගේ එදිනෙදා කටයුතු සදහා තෙල් වර්ගයක් හඳුනා ගන්නේ කෙසේද යන පැණයට පිලිතුරු මෙම ලිපිය මගින් ඔබට ලැබුනා යැයි අපි බලාපොරොත්තු වෙමු. තෙල්වල ගුණාත්මකභාවය එය පිරිපහදු කළ ආකාරය මත රඳා පවතින බැවින්, ඔබේ නිතිපතා භාවිතය සඳහා වර්ජින් තෙල් (Virgin oil) හෝ අතිරේක වර්ජින් තෙල් (Extra-virgin oil) තෝරා ගැනීම වඩාත් සුදුසුය.
2 Comments
… [Trackback]
[…] Here you can find 64401 additional Info on that Topic: thepinkish.com/identify-good-and-bad-types-of-cooking-oils/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/identify-good-and-bad-types-of-cooking-oils/ […]