සුන්දර දිගු කෙස්කළඹකට හිමිකම් කියන්න තරුණියක් විතරක් නෙවෙයි කාන්තවක් වන හැමෝම කැමති. මොකද කාන්තාවක් තව කෙනෙක්ගේ ආකර්ෂණය දිනාගන්න කෙස් කළඹත් මුලික වෙනවා. ඒ කෙස් කළඹ රැකගන්න කාන්තවන් වන අපි බොහෝ දේවල් කරනවා.
පුංචි කාලේ කොන්ඩේ නැති උනත් චීතෙකින් හරි සාලුවෙන් හරි කොණ්ඩය අඹරගෙන එහා මෙහාට පද්ද පද්ද හැඩ බලපු සුන්දර ළමාකාලයක් කාන්තවන් වන අපි හැමෝටම තිබුනා. පුංචි කාලේ අම්මා රෑට දුවගේ කොන්ඩේට තෙල් ටිකක් ගාලා කොන්ඩ කරල් දෙකක් ගොතන්නේ තමන්ගේ දුවටත් ලස්සන කොණ්ඩයක් තියනවට කැමති නිසා. එත් අද ඒ කොන්ඩේ විනාශ කරගන්න තරුණියෝ කීදෙනෙක් ඉන්නවද ඕනිම තරුනියක්, කාන්තවක් කැමති දිගු කෙස්කලබලට එත් අනිත් අයව අනුකරණය නිසා බොහෝ දෙනාට ඒ සිහිනය නැති වෙලා යනවා. අද දිගු කෙස්කලබක් තියන තරුණියන් ඉන්නේ කලාතුරකින්. ගමේ හැදෙන ගැහනු ළමයිට තමයිලු ලස්සනට දිගට කොන්ඩේ තියෙන්නේ කියලා කතාවට කියනවා අපි අහල තියනව නේද එත් අද එක සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා ගිහින් ගමේ හැදුන ඒ ගැහැණු ලමයි නගරෙට එහම නැත්නම් කොළඹ ඇවිල්ලා ඒ ලස්සන කොණ්ඩෙට වද දීලා එක නාස්ති කරගන්නව. ගමේ විතරක් නෙමෙයි දිග කෙස් වැටියක් තියන හැම කන්ත්වක්ම තරුණියක්ම ඒ දේමයි කරන්නේ අද straight, reborn, curl, color කියල විවිදාකාර ෆැෂන් තියනවා ඉතින් අපේ කාන්තවන් තමන්ට ගැලපෙනවද නැද්ද කියලවත් දන්නේ නැතුව අනිත් අයව අනුකරනය කරනවා. අරයගෙ කොන්ඩේ වගේ කොණ්ඩයක් මටත් තිබුනානම් කියල හිතාගෙන අර හැම ෆැෂන් එකම තමාගේ කොණ්ඩෙට කරනවා අන්තිමට ඔන්න කොන්ඩේ නැත්තටම නැති වෙලා යනවා ඊට පස්සේ පසුතැවිලි වෙනවා අනේ අපරාදේ damage වෙලා කෙස් ගැලවෙනවා කියලා .ඔන්න ඉතින් දොස්තරවරු හම්බවෙන්න යනවා රුපවාහිනියේ පෙන්නන ඔක්කම සත්කාර කරනවා tablet ගන්නවා, ඔයිල් වර්ග දානවා, ෂැම්පු වර්ග දානවා, ලෝකේ නැති දේවල් කරන්න උත්සහ කරනවා.
තමන්ගේ කොන්ඩේ තිබුන තත්වෙට ගන්න .එහෙම ප්‍රශනයක් අයෙත් ඇති නොවෙන්න අපි ඔයාලට කියල දෙන්නම් තමාගේ කොන්ඩේ පරිස්සම් කරගන්නේ කොහොමද කියලා .අපිට උපතින්ම හැමදේම ලැබිල තියන්නේ අපිට ගැලපෙන විදිහට ඒ දේවල් වෙනස් කලා කියලා අපි අලුතින් ලස්සන වෙන්නේ නැහැ. හොදම දේ තමයි ඒ තියන දේවල් ඒ විදිහටම ලස්සන කරන එක ඒ කියන්නේ අනමනං ගාලා, tablet බිලා ලස්සන වෙන්න කියල නෙමෙයි තමන්ට අවේනික දේ පරිස්සම් කරගන්න කොහමද කියලා අපි ඔයාලව දැනුවත් කරන්නම්. තව කෙනෙක් straight කලා කියලා ඔයත් ඒ දේම කරන්න යන්න එපා මොකද එක ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ නිසා තමන්ට හිමි ඒ සුන්දර කෙස් කලබ නිකරුනේ කපල කොටලා දාන්නා එපා .ඒ කෙස්කලබ තව වර්දනය කරගන්න උත්සහ කරන්න .අපි දැන් කියන්න යන්නේ එහෙම වර්දනය කරගන්නේ කොහොමද කියලා අමාරු දෙයක් නෙමෙයි සතියකට දෙපාරක් විතර ඔයිල් මසාජ් එකක් කරගන්නා ආකාරය. කාන්තාවන් අතරේ ජනප්‍රියම විලාසිතාවක් තමයි කොණ්ඩය කඩා හැලෙන්න දැමීම. අපි කියන්නේ loose hair කියලා. හිස කෙස් ස්වාභාවිකව කඩා හැලෙන ස්වරුපයක් ඇති විට හිස කෙස් වලට ආකර්ශණීය පෙණුමක් ලබා දෙන්වා. කඩා හැලෙන හිස කෙස් හිමි කාන්තාවකට ඕනෑම ආකාරයට කෙස්කළඹ හැසිර වීමට හැකියාව තියෙනවා. විනෝද ගමනකට, සැන්දෑ උත්සවයකට, රැකියාවට යාමේදී සහ මිතුරු හමුවන් වලට යෑමේදී පවා ඉකමනින් හිසකෙස් විලාසිතාවක් දැමීමට හරිම පහසුයි.
අපි කියලා දෙන්නම් කිසිම වියදමකින් තොරව කෙස්කලබ රැකගන්න පුළුවන් නිවෙසේදීම සාදාගන්න පුළුවන් තෙල් සත්කාරයක් ගැන සමහර කාන්තවන් දැනුවත් ඇති මේ වට්ටෝරුව ගැන
කරපිංචා ඉති 4ක්
උළුහල් තේ හැදී 2ක්
පොල්තෙල් මිලිලීටර් 150ක්
මේ ද්‍රව්‍ය ටික නිවෙසෙන්ම හොයගන්න පුළුවන් නිසයි අපි මේ තෙල් සත්කාරය තොරගත්තේ.දැන් අපි ඔබව දැනුවත් කරන්නම් මෙය සාදාගන්න අකාරය පිලිබදව.මුලින්ම කරපිංචා ටික හොදින් සෝදලා වතුර ඉවත් කර ගන්න. ඉන්පසු පොල්තෙල් ටික බජානයකට දමා ලිප මත තබා.කරපිංචා කොළ සහා දළු ද උළුහල්ද දමා රත් කර ගන්න.ඉන්පසුව විනාඩි දහයකින් විතර ලිපෙන් බාගන්න .දැන් ඔබ ඒ මිශ්‍රණය පිරිසිදු පෙරේනයකින් පෙරාගන්න.නැවතත් පොතෙල් මිලිලීටර් 150ක් අර ඔබ පෙරාගත්ත මිශ්‍රණයට දමා හොදින් කලවම කරගන්න .ඉන්පවසුව පිරිසිදු බෝතලයකට දමාගන්න. කිසිම දුගදක් නැහැ..
සතියකට තුන් වත්වක් විතර ඔබ නෑමට පෙර මෙම කරපිංචා තෙල් එක දමා හොදින් හිස්මුදුන සම්බාවනය කරගන්න ඉන්පසු පැයකින් විතර සෝදා හරින්න
මෙය දිගින් දිගටම කරන්න ඔබටම වෙනස වැටහෙයි . ඔබගේ කෙස්කලබට පිරිපුන් බවක් ගෙනදෙයි.ඉස්සොරි ද මැඩලීමට පුළුවන්. ඉතින් ස්වභාවික මෙන්ම නියත ප්‍රථිඵල දෙන ප්‍රතිකර්මයක් වෙන පොල් තෙල් සත්කාරය ඔබේ හිස කෙස් වලටද කරන්න.
11 Comments
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/how-to-maintain-a-healthy-hair/ […]
… [Trackback]
[…] Here you will find 71800 more Info to that Topic: thepinkish.com/how-to-maintain-a-healthy-hair/ […]
… [Trackback]
[…] Find More Info here to that Topic: thepinkish.com/how-to-maintain-a-healthy-hair/ […]
… [Trackback]
[…] Find More here to that Topic: thepinkish.com/how-to-maintain-a-healthy-hair/ […]
… [Trackback]
[…] Read More Info here to that Topic: thepinkish.com/how-to-maintain-a-healthy-hair/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/how-to-maintain-a-healthy-hair/ […]
… [Trackback]
[…] Read More Information here to that Topic: thepinkish.com/how-to-maintain-a-healthy-hair/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/how-to-maintain-a-healthy-hair/ […]
a
a
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/how-to-maintain-a-healthy-hair/ […]
… [Trackback]
[…] Read More Information here to that Topic: thepinkish.com/how-to-maintain-a-healthy-hair/ […]