සාරිය කියන්නේ කාන්තා කොයි කවුරුත් අතර ඉතාම ජනප්‍රිය වගේම කාන්තාවන් කවුරුත් අඳින්න ප්‍රිය කරන ඇඳුමක් කිව්වොත් අපි නිවැරදියි.සාරිය ඉන්දියානු ඇඳුමක් වගේම ලෝකේ හොඳම සාරි නිෂ්පාදනය කරන්නෙත් ඉන්දියාව කියලා හැමෝම දන්නවා ඇතිනේ. සාරිය කියන්නේ කාන්තාවකට අමුතු සුන්දරත්වයක් සහ පෙනුමක් ගෙනදෙන ඇඳුමක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. නමුත් සාරියක් ඇන්දහම ලැබෙන නියම සුන්දරත්වය සහ පෙනුම ලබාගන්නට නම් ඔබ ඔබේ සිරුරේ හැඩයට ගැලපෙන නියම සාරිය තෝරාගන්න ඕන. අද අපි මේ කියල දෙන්න යන්නේ ඔබේ සිරුරේ හැඩයට හරියටම ගැලපෙන්න සාරි එකක් තෝරාගන්නේ කොහොමද කියල.
1. පෙයාස් හැඩයේ සිරුර (Pear Shaped Body)
උකුල ප්‍රදේශය පපුව ප්‍රදේශය ට වඩා විශාලත්වයෙන් වැඩි නම් එහෙම ශරීරයක් පෙයාස් හැඩයේ ශරීරයක් විදිහට හඳුවනවා. ඉතින් මෙහෙම පෙයාස් හැඩයේ ශරීරයක් තියෙන කාන්තාවකගේ ශරීරයේ පහළ කොටස ඉහල කොටසට සාපේක්ෂව තරමක් බරින් වැඩියි. එහෙම කෙනක් සාරියක් තොරගන්නකොට, ඇඟේ උඩු කොටස සහ යටි කොටස සමබර වෙන විදිහට, චිෆෝන්(chiffon) සහ ජෝර්ජට්(georgette) වගේ රෙද්දකින් තෝරාගන්න ඕන.ඒ වගේම මර්මේඩ් ආකාරයේ මෝස්තර වලින් යුතු ඒවා තෝරාගැනීමෙන් වලකින්න මොකද ඒ වගේ මෝස්තර වලින් ඔබේ යට කොටසට අනවශ්‍ය අවධානයක් ඇති වෙනවා. අලංකාර බෝඩර් සහ එම්බේරායිඩරි වැඩ දාපු සාරියක් තෝරාගැනීමේ වරදක් නැහැ. ඒ වගේම ඔබට තද සහ දිපිතිමත් පාටින් යුක්ත සාරි තමයි වඩාත්ම ගැලපෙන්නේ.
2. ඇපල් හැඩයේ සිරුර (Apple Shaped Body)
ඔයාගේ පපු ප්‍රදේශය සහ බඩ තරමක් විශාලයි නම් ඔයා අයිති වෙන්නේ ඇපල් හැඩයේ සිරුරක් හිමි අය අතරට.ඒ නිසාම තමයි ඔයා සාරියක් තොරගන්නකොට ඔයාගේ ඇඟට හරියට ගැලපෙන්න ලස්සනට එම්බේරායිඩරි වැඩ දාපු සාරියක් තෝරාගන්න ඕන.ඒ වගේම ඔයාගේ ඉඟටිය වැහෙන විදිහට තරමක් දිගින් වැඩි බ්ලවුස් එකක් තොරගන්න ඕන.ඊට අමතරම ඕන නම් සාරිය තරමක් උඩින් දවටගන්නත් පුළුවන්. සිල්ක්(silk) රෙද්දෙන් කරපු සාරි එකක් තමයි ඔයා තෝරාගන්න ඕන. ඒ වගේම දැල් (Net) රෙද්දෙන් කරපු සාරි තෝරාගන්නත් එපා. සාරි එකේ රැලි සරල විදිහකට හදන්න. ඒ වගේම සාරි එකේ පාටට වෙනස් පාටකින් බ්ලවුස් එක තෝරාගන්නවා නම් හොඳයි.
3. බරින් වැඩි කාන්තාවන්ට
ඔයාගෙත් බර ටිකක් වැඩියි නම් හරි ටිකක් මහතයි වගේ නම් කොට්න් ( cotton) සහ අනෙක් හයිය රෙදි තමයි ඔයාගේ ප්‍රධානම හතුරා, මොකද කියනවා නම් ඒ රෙදි නිසා ඇඟට පළල් සහ විශාල පෙනුමක් ලබා දෙනවා. සිල්ක්(silk) සහ චිෆෝන්(chiffon) රෙදි වලින් ඔයාගේ ඇඟට සමබර පෙනුමක් ලබා දෙන නිසා සිල්ක් සහ චිෆෝන් සාරි තමයි ඔයාට ගැලපෙන්නේ. ඒ වගේම අඳුරු වර්ණ තමයි වඩාත්ම හොඳින් ගැලපෙන්නේ. සාරියේ රැලි සැකසීම ගැන අනිවාර්යෙන්ම ඔය අවධානය යොමු කරන්න එකෙන් ඔයාගේ පෙනුමට ලොකු වෙනසක් කරන්න පුළුවන්. මේකට ඔයාට සම්පුර්ණ අත් දිග බ්ලවුස් එකක් තෝරාගන්න පුළුවන් එකෙන් ඔයාගේ තරබාරු බව සඟවාගන්න උදව්වකුත් ලැබෙනවා.
4. ආකර්ශනීය හැඩයක් සහිත අයට
චිෆෝන් (chiffon), ජෝර්ජට් (georgette) සහ දැල් (net) රෙද්ද තමයි ඔයාට හොඳටම ගැලපෙන්නේ. ඒවා නිසා ඔයාගේ කර්ව්ස් හොඳින් කැපිපෙන විදිහට සාරි එක දවටගන්න පුළුවන්. ඒ වගේම අඳුරු පාට සාරි එකක් තමයි ඔයා තෝරාගන්න ඕන. වැඩිය බර සාරි එකක් ගන්නත් එපා. සියුම්ව එම්බ්‍රොයිඩරි සහ පබළු වැඩ දැමු සාරි එකක් උනාට කමක් නෑ.සාරි එකේ හොඳ එල්ල වැටීමක් තියෙන්න ඕන. එකෙන් ඔයාට හොඳ සිහින් පෙනුමක් ලබා දෙනවා. එකිනෙක කැපෙන පරිදි (criss-cross) පටි තිබෙන බ්ලවුස් එකක් තමයි මේ වගේ සාරි එකකට හොඳින්ම ගැලපෙන්නේ.
5. සිහින් සිරුරට (slim)
ඔයාට තියෙන්නේ සිහින් එහෙමත් නැත්නම් ස්ලිම් සිරුරක් නම් ඔයා කොට්න්(cotton), සිල්ක්(silk) හෝ ඕගන්සා(organza) සාරි එකක් තෝරාගන්න ඕන.හොඳින් එම්බ්‍රොයිඩරි වැඩ දාපු ලා පාටකින් යුක්ත සාරියක් තමයි ඔයාට ගැලපෙන්නේ. ඔයා තියෙන්නේ සිහින් සිරුරක් නම් විශාල,තද සහ මුද්‍රණයන් (prints) සහිත විවිධ පාට වලින් සාරි එක තෝරාගන්න පුළුවන්. සිහින් කාන්තාවකට පිට නැති, අත් නැති, හොල්ටර් නෙක් සහ ටියුබ් ආකාරයේ බ්ලවුස් වඩාත් හොඳින් ගැලපෙනවා.
6. උස සිහින් සිරුරැති කාන්තාවකට
උස කාන්තාවකට ( අනුෂ්කා ශර්මා, ප්‍රියංකා චොප්රා වගේ ) හොඳින් බෝඩර් තිබෙන සාරි එකක් තමයි ගොඩක්ම ගැලපෙන්නේ. ඔයාට විශාලව තදට ප්‍රින්ට්ස් තියෙන සාරියක් ඕනෑම පාටකින් තෝරාගන්න පුළුවන්. ඒ වගේ සාරියක් ඇඳීමෙන් ඔයාට ඔයාගේ උසට ලැබෙන අවධානය වෙනස් කරන්න පුළුවන්.
7. උස අඩු සිහින් සිරුරැති කාන්තාවකට
ඔයා උසින් අඩු සිහින් කාන්තාවක් නම් (රාණි මුකර්ජි වගේ ) ඔයා ලොකු ප්‍රින්ට්ස් සහ බෝඩර්ස් තියෙන සාරි තෝරාගැනීමෙන් වලකින්න ඕන. හීනි බෝඩර් තියෙන සාරි එකක් තමයි ඔයා තෝරාගන්න ඕන. එමගින් ඔයාට තරමක් උස පෙනුමක් ලබා දෙනවා. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ප්‍රින්ට්ස් තියෙන සාරි නිසා ඔයාට හොඳ පෙනුමක් එකතු වෙනවා.
උඩ කියපුවට අමතරව මේ දේවලුත් මතක තියාගන්න.
• සාරියේ රැලි වලට හොඳින් අවධානය දීල හරියට රැලි කරන්න. නැත්නම සාරි එකේ පෙනුම ලස්සන වෙන එකක් නෑ.
• බර බ්ලවුස් එකකට සැහැල්ලු සාරියක් අඳින්න. එහෙමත් නැත්නම් සැහැල්ලු බ්ලවුස් එකට බර සාරි එකක්.
• ඔයා පළඳින මාල, පාවහන්, සහ රැගෙන ගැන ක්ලච් පර්ස් එක නිසා ඔයාගේ පෙනුම හොඳ කරන්න වගේම පෙනුම බිඳ දමන්නත් පුළුවන් ඒ නිසා ඒවා තොරගන්නකොට කල්පනාවෙන් ගැලපෙන්න තෝරාගන්න.