කොරෝනා නැත්නම් කොවීඩ් 19 නිසා බොහෝ ලෝක වැසියන්ගේ සෞඛ්‍ය තත්වය අවධානමකට ලක්වෙලා තියෙන මේ වෙලාවේ, අපේ ආරක්ෂාව ගැනම අප සැලකිලිමත් වීම තමා වඩාත්ම වැදගත් වෙන්නේ. අපි නිතරම දෑත් සේදීම මුව ආවරණ පැළඳීම වගේ දේවල් වගේ දේවල් පමණක් නෙමෙයි, මේ දිනවල අපි ගන්නා ආහාර ගැනද සැළකිලිමත් විය යුතුයි.
මේ දිනව අපි නිතරම ආහාරයට ගත යුත්තේ ප්රතිශක්තීකරණය ශරීරය තුල වැඩි කරන ආහාර. මේ නිසා අපිට ඇති වෙන්නට තියෙන රෝග වලට මුහුණ දීමට ඉමහත් රුකුලක් ලැබෙනවා. එපමණක් නෙමෙයි බොහෝ දුරට ප්රතිශක්තීකරණය වැඩි පුද්ගලයෙකුට කොරෝනා හා අනෙකුත් රෝග වැලදීමේ ඉඩකඩද අඩුයි. එමනිසා මේ දිනවල සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම ඉතා වැදගත්.
අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත් වන පෝෂණ සංඝටක කිහිපයක් තිබෙනවා. සින්ක්, විටමින් ඒ, විටමින් බී, සෙලීනියම්, විටමින් සී, කොපර්, ෆෝලීක් අම්ලය යන මෙවනි සංයෝග ප්‍රතිශක්තීකරණ පද්ධතියට ඍකුවම බලපෑම් කරනවා. ඉතින් අපි නිතරම ආහාරයට ගත යුත්තේ ප්‍රතිෂක්තීකරණය වැඩි කරන ආහාරයි. විටමින් සී, වටමින් ඒ වැනි සංඝටක අපි ගන්නා බොහෝ ආහාරවල තියෙනවා. ඒ නිසා පලතුරු එලවළු නිතරම ආහාරයට ගැනීමට වඩාත් යෝග්‍ය වෙනවා. නිතරම මේ දේවල් ආහාරයට ගැනීමෙන් අපගේ ශරීරයේ ප්රතිශක්තීකරණය වැඩි කර ගත හැකි වෙනවා.
මේ දිනවල බොහෝ දෙනා කොත්තමල්ලී හා වෙනිවැල්ගැට තම්බා බීමට පුරුදු වී සිටිනවා. අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය නීරෝගීව තබා ගැනීමට එය උපකාරී වෙනවා මෙන්ම, පෝෂදායී ආහාර වේලක් එදිනෙදා ලබා ගැනීමද ඉතා වැදගත්.
මේ දිනවල බොහෝ දෙනා කොත්තමල්ලී හා වෙනිවැල්ගැට තම්බා බීමට පුරුදු වී සිටිනවා. අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය නීරෝගීව තබා ගැනීමට එය උපකාරී වෙනවා මෙන්ම, පෝෂදායී ආහාර වේලක් එදිනෙදා ලබා ගැනීමද ඉතා වැදගත්. කෙසේ නමුත් කොත්තමල්ලී වැනි දෑ එදිනෙදා පානය කරනවා නම්, වෛද්‍ය නිර්දේශයක් ලබාගෙන පානය කරනවා නම් වඩාත් සුදුසුයි.
කොළකැඳ වැනි පොෂ්‍යදායී පානයන් එදිනෙදා පානය කිරිම නම් අපගේ ප්‍රතිශක්තීකරණ වැඩිකරන්න වඩාත් හොදයි.
එපමණක් නෙමෙයි, පහත සඳහන් කරන මේ ආහාර වර්ග වලින්ද අපේ ශරීරයේ ප්රතිශක්තීකරනය වඩාත් වැඩි කර කොරෝනා වලින් ආරක්ෂා වීමටද උදව් කරනවා.
සුදු ලූණු වල අඩංගු විටමින් සී හා බී6, කනිජ ලවණ සහ අනෙකුත් විටමින් වරිග නිසා ලෙඩ රෝග වලින් ආරක්ශා වීමට අවශ්‍ය ප්රතිශක්තීරනය වැඩි කරන්න උදව් වෙනවා. මේ නිසා මේ දිනවල අපි නිතරම සුදු ලූණු ආහාරයට ගැනීමට පුදු වෙනවා නම් වඩාත් හොදයි.
ඉගුරු වල ඇති බැකිටීරීයා නාශක ගුණය නිසා පරිවෘත්තීය වේගවත් කරනවා ම පමණක් නොවෙයි, අපේ ශරීරයේ කැලරි වර්ධනයටද උපකාරී වෙනවා. මේ නිසා ඔබ ආහාරයට ගන්න කෑම වලටද තේ එකටද ඉගුරු එක් කර ආහාරයට සහ පානයට ගැනීමට පුරුදු වෙන්න.
සෙම්ප්‍රතික්ෂාව, උණ, ඇඟපතේ වේදනාව වගේ බොහෝ ලෙඩ වලට අපි කොත්තමල්ලී පානය කරනවා. කොත්තමල්ලී වල ඇති විසබීජ නාශක ගුණය නිසා අපේ ශරීරයේ ප්‍රතිෂක්තීකරණය ඉහල නැංවීමට කොත්තමල්ලී උපකාරී වෙනවා. නමුත් පෙර කියූ පරිදි කොත්තමල්ලී ඉතරම පානය කිරීම සුදුසු නැහැ.
කහ කියන්නේ අපේ රටේ බහුලව භාවිතා වෙන කුළුබඩු වලින් එකක්. කහ ද ප්රතිශක්ටීකරණය වැඩි කිරීමේ ආහාර වල උඩින්ම තිබෙන දෙයක්. කහ සහ ගම්මිරිස් එකතු කිරීමෙන් ජෛව උපයෝගීතාව ඉහල යනවා. මේ නිසා කහ ආහාරයට ගැනීමට පමණක් නොවෙයි පානය කිරීමටද හැකියාවක් තියෙනවා.
ඔබ දැන සිටියාද ඔබටත් පහසුවෙන්ම කහ තේ එකක් නිවසේදීම සාදාගත හැකි බව? උණු වතුර වීදුරුවකට කහ හැඳි එකහමාරක් දාලා මිශ්‍ර කරන්න. පසුව විනාඩි 20ක් විතර වහලා තියෙන්න. මේ සඳහා ඔබට නිවසේදීම වේලා කුඩු කරගත් කහ භාවිතා කරන්න පුලුවන් නම් වඩාත් උචිතයි. නිමුනු පසු මෙයට දොඩම් හා පැණි එකතු කර ඔබේ කහ තේ එක තවත් රසවත් කරන්න පුලුවන්.
මෙතනින් බලන්න පුලුවන් ඔබට නිවසේදීම කහ තේ එකක් නිසි ආකාරව කොහොමද හදාගන්නේ කියලා.
බතල කියන්නේ අපේ මුතුන්මිත්තනේ කාලේ ඉදලම ආහාරයට ගත්ත අල වර්ගයක්. වැඩෙන අවදියෙන් පසුවන කුඩා දරුවන්ට ශරීරයේ දුර්වලතාවය ඉහල නංවන්නට බතල වලට හැකියාව තිබෙනවා. මෙහි අඩංගු බීටා කැරෝටීන් මගින් ප්රතිශක්ටීකරණය ඉහල නංවනවා. මේ නිසා බතල මේ දවස් වල ආහාරයට ගැනීම හොඳයි.
ඔබ සාමන්‍යයෙන් ගන්න තේ වෙනුවට මේ දිනවල ග්‍රීන් ටී පානය කරන්න පුරුදු වෙන්න. මොකද මෙහි අඩංගු ෆ්ලේවනොයිඩ් මගින් සෙම්ප්‍රතිශ්‍යාව අඩු වනවා මෙන්ම ප්රතිශ්ක්තීකරණයද ඉහළ නංවනවා. ඒ විතරක් නෙමෙයි සිරුරේ අනවශ්‍ය මේද ඉවත් කර මනා හැඩයක්ද ලබා දෙනවා.
කොළපාට එලවළු ආහාරයට ගැනීමද ඉතා ගුණදායට බව අපි හැමෝම දන්නා කරුණක්. නැවුම් එලවළු ආහාරයට ගැනීමෙන් අපගේ සිරුරට අවශ්‍ය කරන ප්රතිඔක්සිකාරට මෙන්ම විටමින් ඒ, විටමින් සී හා තවත් බොහෝ පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්න පුලුවන්.
කළු පාට චොකලට් වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන බව ඔබ දැන සිටියාද? කළු චොකොලට් ආහාරට ගැනීම මගින් ද අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට සහයෝගයක් ලබා දීමේ හැකියවක් තියෙනවා. නමුත්, කළු චොකලට් වල කැලරි හා සංතෘප්තමය මේදය අධික බැවින් එක ප්‍රමාණය ඉක්මවා ගැනීම සුදුසු නොවේ.
මෙවැනි ආහාර මගින් අපේ ශරීරයේ ප්‍රතිශක්තීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට උදව් වෙනවා පමණක් නොවේ. මෙවා අපගේ මුලු ශරීරයේම නොයෙකුත් ක්‍රියාකාරකම් වලට ගොඩක් ඉවහල් වෙනවා. මේ දිනවල ලෝකයේ බොහෝ දෙනා මුහුණ දෙන කොරෝණා තත්වයෙන් ද ආරක්ශා වී සිටීමට හැකියාව ලැබෙනවා.
සෞඛ්‍ය සම්පන්න ආහර ලබා ගන්නවා වගේම අපේ ශරිරයට අවශ්‍ය කරන ව්‍යායමත් ලබා දීමට අමතක කරන්න එපා. නියමිත උසට සරිලන බර සහිත, සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ලබා ගැනීමට නම් අපි දුම් හා මද්‍යසාර වලින් ඈත් වී සිටීමත් වැදගත්.
මේ අතරි අපි නිතරම කළ යුතු දෙයක් වන්නේ සබන් හෝ සැනිටයිසර් භාවිතයෙන් අත් පිරිසිදු කර ගැනීමයි. ඔබටත් මෙතැනින් බලන්න පුලුවන් කොහොමද ප්‍රමිතියෙන් උසස් සැනිටයිසර් එකක් තෝරාගන්නේ කියලා.
තවද, මුඛ ආවරණයක් නිතරම පැළදීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම වගේ දේවල් ද නිතරම සිහියේ තබා ගත යුතු කරණු වේ.
මෙම ලිපිය කියවා ඔබේ අදහස පහලින් කොමෙන්ට් කරන්න. ඒ වගේම අපේ පේජ් එකට ලයික් එකකුත් දාල ශෙයා කරන්න අමතක කරන්න එපා.