කාලය මැවූ වෙනසක අරුමේ කියන්නේ, මාස කීපයකින් විෂබීජ නාශක දියරයක් සාක්කුවේ හෝ අතේ නැති කෙනෙක් හොයාගන්න අමාරු කාලයක් උදා වීම තවමත් අදහාගන්න බැරි වීමයි. අපි කවුරුත් හීනෙකින් වත් හිතුවේ නෑ මෙහෙම කාලයක් උදා වෙයි කියලා නමුත් එහෙම උනා!
මේ අතර විෂබීජ නාශක දියර වලට විශාල ඉල්ලුමක් ලැබී තිබෙන අතර විවිධාකාර සන්නාම යටතේ විෂබීජ නාශක දියර වර්ග වෙළදපලේ දක්නට තියෙනවා. බොහෝ සන්නාම අපට හුරු පුරුදු උනත්, ගොඩක් අලුත් වර්ග වෙළදපලට නිකුත් වෙලා තියෙන නිසා ඇත්තටම ප්‍රමිතියෙන් උසස් විෂබීජ නාශක දියර මොනවාද කියල තෝරාගන්නත් අමාරු තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. මෙය අපගේ සමාජයම අවදානමට ලක් කිරීමටද වුවද හැකියාවක් තියෙනවා.
මේ වෙනවිට වෙළදපලේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට සේවා සපයන්නන් සමත් වුනත්, වෙළදපලට එන Sanitizers වලට මිළ පාලනය කිරීමට නොහැකි වීමක් තමා දක්නට ලැබෙන්නේ. කෙසේ නමුත්, විෂබීජ නශක දියර වල ප්‍රමිතිය තහවුරු කරගැනීමෙන් පසු, එය මිළදී ගන්නවා නම් වඩාත් යෝග්‍යයි. ඔබට මෙතනින් බලන්න පුලුවන් විෂබීජ නශක දියර වල ප්‍රමිතිය මැන ගෙන වඩාත් සුදුසු sanitizer එකක් තෝරාගන්නේ කොහොමද කියලා.
වැඩි ක්‍රියාකාරීත්වයකින් යුක්ත Sanitizer වල අවම වශයෙන් 60%ක් හා වැඩිම වශයෙන් 85%ක් පමණ ඇල්කොහොල් තිබිය යුතු වේ. සාමාන්‍යයෙන් 70% කට ආස්‍රිත ප්‍රමාණයක් ඇල්කොහොල් තිබීම ප්‍රමාණවත්.
ඇල්කොහොල් වර්ග කිහියක්ම Sanitizer නිශ්පාදනයට භාවිතා කෙරෙනවා. එතනෝල් හා ඉසොප්රොපිල් යන ඇල්කොහොල් වර්ග දෙක බහුලව භාවිතා වන අතර, එතනෝල් වයිරස් හා බැක්ටීරියා වලට එරෙහිව සක්‍රීයව ක්‍රියා කරන අතර සමටද හානිදායක බවින් අඩු වේ. ඔබට එතනෝල් අඩංගු Sanitizer එකක් තෝරා ගන්නවා නම් වඩාත් උචිත වේ.
බොහෝ Sanitizers වල ඇල්කොහොල්, ජලය හා සුවඳ කාරක පමණක් අඩංගු වේ. නමුත්, අපි මෙය නිතරම අතේ ගැල්වීමට යොදා ගන්නා නිසා එදිනෙදා භාවිතයට මිළදී ගන්නා
Sanitizer එකේ අඩංගු දේවල් වලටත් වැඩි අවදානයක් ලබා දෙනවා නම් ගොඩක් හොදයි.
බොහෝ විෂබීජ නාශක දියර වර්ග වෙළදපලේ මිළදී ගන්නට තිබුනත්, ඉතාමත් සීමිත වෙළද නාම ප්‍රමාණයක් තමයි නියමිත තත්ත්ව යටතේ මේවා නිශ්පාදනය කරන්නේ. ඔබගේ Sanitizers එක තෝරා ගැනීමේදී පිළිගත් සන්නාමයක් සහිත Sanitizer එකක් තෝරා ගැනීම වඩාත් යෝග්‍ය වේ.
අද අපි ඔබට ගෙන එන්නේ, කොහොමද ප්‍රමිතියෙන් උසස් විෂබීජ නාශක දියරයක් තෝරාගන්නේ කියලා සහ ඔබේම විෂබීජ නාශක දියරයක් සකස් කරන්නේ කොහොමද කියලා.
ඔබටත් නිවසේ සිටම සරළ ක්‍රියාකාරකමක් මගින් දැනට භාවිතා කරන විශබීජ නාශක දියරය ඇත්තටම ප්‍රමිතියට අනුව සාදා ඇත්දැයි පරීක්ෂා කරන්න පුලුවන්.
විෂබීජ නාශක දියරයේ ප්‍රමිතිය පිළිබඳව අවබෝධයෙන් සිටීම ඉතා වැදගත් වන අතර එමගින් ඔබත් ඔබගේ පවුලේ සුරක්ෂිතභාවයත් තහවුරු කිරීමට හැකි වෙනවා. නිවසේදීම කල හැකි මෙම සරළ ක්‍රියාකාරකම් මගින් ඔබටත් ඔබගේ විෂබීජ නාශක දියරයේ ප්‍රමිතිය මැනගන්නට පුලුවන්.
අවශ්‍ය දෑ
ක්‍රමය
පාන් පිටි හෝ හාල් පිටි ස්වල්පයක් මේස හැන්දකට ගන්න. මෙහිදී මේස හැන්දෙන් 1/4ක් පමන පිටි තිබීම සෑහේ. ඉන් පසු, ඔබගේ Sanitizer එකෙන්, බිංදු කිහිපයක් හැන්දට දමන්න. එහිදී හැන්දෙහි ඇති පිටි ඉක්මනටම දිය වී උකු ගතියක් ඇති වෙනවා නම්, ඔබගේ Sanitizer එකෙහි ඇති විෂබීජ නාශක දියර හොද ප්‍රමිතියකට ඇති බවක් පෙනී යන්නේ නෑ. පිටි දිය වීමට ජලය අවශ්‍ය වේ. පිටි ඇල්කොහොල් ද්‍රාවන සමග දිය නොවන නිසා, හොද විෂබීජ නාශක දියර මෙම පරීක්ශණයට භාජනය කිරීමේදී පිටි උකු වීමට හෝ ඒ සමග වැඩිපුර දිය වීම සිදු නොවේ.
මෙමගින් ඔබට ඔබගේ Sanitizer එකේ තත්ත්ව පරීක්ෂාව නිවසේදීම කල හැක. මෙම සරළ පරීක්ෂාවෙන් ඔබට 60%ට වඩා අඩු ඇල්කොහොල් ප්‍රතිශතයක් තිබෙන විෂබීජ නාශක දියර පහසුවෙන් හදුනා ගන්නට පුලුවන්.
අවශ්‍ය දෑ
ක්‍රමය
ටිශූ කඩදාසියක් ගෙනඑය මේසයක් උඩ හෝ පැතලි මතුපිටක් මත තබන්න. එහි රවුමක් කාබන් පෑනක් අදාරයෙන් අදින්න. මේ සදහා කාබන් පෑනක්ම භාවිතා කිරීම ඉතා වැදගත්. රවුම ඔබට කුඩා ප්‍රමාණයේ කාසියක හෝ මූඩියක සහය ලබා ගන්න පුලුවන්.
ඔබගේ sanitizer එකෙන් බිංදු කිහිපයක් ඔබ ඇඳගත් රවුම මැද්දට දමන්න. Sanitizer දියරය සෙමින් රවුම ස්පර්ශ කිරීමට ඉඩ හරින්න. Sanitizer දියට ඉක්මනින් ටිශූ කඩදාසියේ ගලා යන අතර Sanitizer ජෙල් ටික වේලාවක් ගන්නට පුලුවන්. මෙම ක්‍රියාකාරක වතුර සමඟ කිරීමෙන් ඔබට සිදුවන වෙනස වටහා ගන්න පුලුවන්.
හොඳ Sanitizer එකක් නම් ඔබ භාවිතා කරන්නේ, කාබන් පෑනෙන් ඇදපු රවුම කෙමෙන් බොද වී වර්ණය ගලා යන්නට ඕනේ. ඒ අතරම, ටික වෙලාවකින්, දියරය වාශ්ප වී යා යුතු අතර ඇල්කොහොල් ප්‍රතිශතය අඩු Sanitizer වල ටිශූ කඩදාසියේ ජලය වැඩි වේලාවක් රැදී පවතී.
අතෙහි කුණු, දූවිලි, දෙල් හෝ ග්‍රීස් වර්ග තිබේ නම්, ඒවා ඉවත් කරන්න. විෂබීජ නශක දියරයෙන් බිංදුවක් හෝ දෙකක් ගෙන අත් දෙකෙහි, ඇගිලි හා ඇගිලි කරු, අත්ල, අත්ල පිටුපස හොදින් පිරිමදින්න. පහත ඇති වීඩියෝවෙන් නිසි ආකාරව විෂබීජ නාශක දියරයක්
භාවිතා කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට පුලුවන්.
අපගේ අතෙහි තැවරෙන බැක්ටීරියා හා වෛරස් වලින් ආරක්ෂා වීමට හොදම සහ ඉක්මන්ම විසදුම විෂබීජ නාශක දියර වූවත්, එමගින් නොකල යුතු දේවල්ද කිහිපයක් තියෙනවා.
විෂබීජ නාශක දියට වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් ඔබගේ සමට හිතකර බැක්ටීරියා වර්ග විනාශ වීමට ඉඩ කඩ ඇති වෙනවා. ඒ වගේම ඔබගේ සමටත් වැඩිපුර ඇල්කොහොල් ආස්‍රිත නිශ්පාදන භාවිතය අහිතකර වෙන්න පුලුවන්.
සෑම විටම විෂබීජ නාශක දියරයක් ළඟ තබා ගැනීම වඩාත් උචිත වුවත්, විෂබීජ වලින් ඈත් වීමට කල යුතු සුදුසුම දේ සබන් දා ගලා යන ජලයෙන් අත් සේදීම බව අමතක නොකරන්න.
අතෙහි ඇති කුනු තරල මගින් ඇල්කොහොල් වලට සම්පූර්ණයෙන් සම වෙත ලගා වීමට නොහැකි වෙන්නට පුලුවන්. එවැනි අවස්තා වල, වඩාත් සුදුසු වන්නේ සබං දා ගලා යන වතුරෙන් අත් පිරිසිදු කිරීමයි.
කොරෝනා තත්වයත් සමඟ දරුවන් නිවෙස් වල වැඩි කාලයක් ගත කරන්න පටන් ගත්තා මෙන්ම, විෂබීජ නාශක දියර ද නිවසේ සෑම තැනකම තිබෙන තත්ත්වයක් උද්ගත වුනා. දෙමව්පියන් ලෙස වඩාත්ම සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, ඔබගේ විෂබීජ නාශක දියර කුඩා ළමයින්ගේ ග්‍රහණයට හසු නොවන ආකාරයට ගබඩා කිරීමට වග බලා ගැනීම.
ඔබට කැස්සක් ඇති වූවිට හෝ කිවිසුමක් ගිය විට, විෂබීජ නාශක දියරයක් භාවිතා කර අත් පිරිසිදු කිරීම මගින් ඔබගේ ආසාත්මිකතාව තව කෙනෙකුට බෝ නොවේ යැයි සිතීම කිසි සේත් උචිත වන්නේ නැත. ඔබට අසනීප තත්තයවක් ඇත්නම් කල යුතු වඩාත් සුදුසුම දේ, සමාජ ඇසුරින් ඈත්වී ඒ සදහා නිසි ප්‍රතිකාර ලබා ගැනීමයි.
විෂබීජ නාශක දියරයක් වෙළද සැලින් අරන් භාවීතා කිරීම ම පමණක් ඔබට වෛරස් හා අසාදන වලින් ඈත් කර තියන්නට බැරි බව ඔබට වැටහෙන්නට ඇති. අපි හිතනවා හොඳ විෂබීජ නාශක දියරයක් තෝරා ගන්නේ කෙසේදැයි සහ ආරක්ෂිතව භාවිතා කරන්නේ කෙසේ දැයි ඔබ දැනුවත් උනා කියලා. මේ තොරතුරු ඔබගේ මිතුරන්ටත් කියා දීම මගින් සමාජ මෙහෙවරට දායකත්වයක් දක්වන්න ඔබටත් පුලුවන්.