කොත්තමල්ලී කියන්නේ අපේ ගෙවල් වල නිතරම තිබෙන සහ වෙලදපොලෙන් ඉතා අඩු මිලකට ගන්න පුලුවන් දෙයක්. අපි ආහාර පිස ගන්නා කුළුබඩු වලටද මේ කොත්තමල්ලී යොදා ගන්නා බව ඔබත් මමත් ඉතාම හොදින් දන්නා කරුණක්. ඒ වගේම මේ දිනවල පැතිර යන මේ වෛරසය ඒ කියන්නේ මුළු ලෝකයක් වසඟ කල කොරෝනා වලට එරෙහිවද අපෙ ශරීරයට අවශ්‍ය ප්රතිශක්තීරනය ලබා දීමට බොහෝ දුරට කොත්තමල්ලී වලට පුලුවන්.
කොත්තමල්ලී වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා අපේ ශරීරයේ ප්රතිශක්තීකරනය වැඩි කිරීමට හැකියාවක් තිබෙනවා. කොත්තමල්ලී වල විටමින් සී හා විටමින් බී අඩංගු වන අතර කොත්තමල්ලී කොළවල යකඩ, මැග්නීසියම් ද අඩංගු වෙනවා. මේ නිසාම කොත්තමල්ලී ඉතා වටිනා ඖෂධයක් ලෙසට ඈත අතීතයේ සිටම ඉතා ප්රමුඛ ස්ථානයක් ගන්නවා. ඉතින් මේ දිනවල බොහෝ දෙනා මේ කොත්තමල්ලී ගැන වැඩි අවධානයක් යොමු කරන බවක් ද අපිට පේනවා.
වර්තමාන පරපුරේ සිටින බොහෝ දෙනා කොත්තමල්ලී වලින් ලැබෙන ගුණ සහ අපට මෙතරම් වැදගත් වේ කියා නම් සිතුවේ නැතුව ඇති. අපි බලමු හැමෝම කතා වෙන කොත්තමල්ලී වල ගුන මොනවාද කියලා.
මේ දිනවල අපට අත්‍යාවශ්‍ය ප්රතිශක්තීරනය ඉහළ නැංවීමටද කොත්තමල්ලී සඳහා හැකියාවක් තිබෙනවා. ශ්රීරයට අවශ්‍ය පෝශණ ගුණාංග පවා ලබා දීමට කොත්තමල්ලී වලට හැකියාව තිබෙනවා. මෙවැනි අපේ සිරුරේ ඇති බොහෝ රෝග සුව කිරීමට කොත්තමල්ලී වලට විශේෂ හැකියාවක් තිබෙනවා.
අමු කොත්තමල්ලී කෝප්පයක අඩංගු වන්නේ,
මීට අමතරව, විටමින් සී, ප්‍රෝවිටමින් ඒ හා කේ, ෆෝලේට්, පොටෑසියම්, මැන්ගනීස්, කොලීන් සහ බිටා-කැරොටීන් ද එහි අඩංගු වෙනවා.
ඔබට කොත්තමල්ලී විවිධාකාරයට පානය කරන්න පුලුවන්. ඒ වගේම ආහාරයට ගන්නත් පුළුවන්. අපි බලමු කොහොමද කොත්තමල්ලි වලින් ඔබට සෑදිය හැකි ආහාර මොනවාද කියලා.
කොත්තමල්ලී කොළ ටිකක් හොදින් පොඩි කර ගන්න. එයටම ලෙමන් සහ ලුණු මිස්‍ර කරලා ආහාරයට ගන්න. මෙය චට්නි එකක් විදිහටද ආහාරයට ගත හැකී.
කොත්තමල්ලී තේ, උතුරන වතුර කෝප්ප 2කට කොත්තමල්ලී ඇට ඇන්දක් එක් කරන්න. සෞඛ්‍යමය වාසි සඳහා බීජ වික්‍රියා කර මිශ්‍රණය පානය කරන්න.
ඔබට කොත්තමල්ලී තෙල් වෙළඳපොලෙන් මිළදී ගෙන ඔබේ හිස්කබලේ ආලේප කළ හැකිය. කොත්තමල්ලී තෙල් පොල් හෝ ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කර ඔබේ හිස්කබල සම්භාහනය කරන්න.
කෙසේ වෙතත් නිතරම කොත්තමල්ලී පරිබෝජනයට නුසුදුසුයි. සමහර පුද්ගලයින්ට විවිදාකාර ආසාත්මිකතා ඇතිවිය හැකී. එබැවින් ඔබ වෛද්‍යවරයෙක්ගෙන් නිර්දේශයක් ලබා ගන්නවා නම් වඩාත් හොදයි.
මේ දිනවල පැතිර යන මේ වෛසරයට කොත්තමල්ලී ඉතා ගුණදායක පානයක් උනත් එයද ප්‍රාණය ඉක්මවා ගැනීම සුදුසු වන්නේ නැත. ඔබ මේ ලිපිය කියවා ඔබේ අදහස් අප සමඟ බෙදා ගැනීමටද අමතක නොකරන්න. පේ පේජ් එකටත් ලයික් එකක් දමා ශෙයා කරන්න.