ශරීරයේ ඕනෑම තැනක පිළිකා ඇති වීමට පුලූවන් . පිළිකා යනු සෛල වල ඇති වන රෝගයකි.ශරීරයේ සෑදී තිබෙන්නේ සෛල වලින් බව අපි දන්නවා. ප්‍රකෘති සෛල වැඩෙමින් විබාජනය වේ ( දෙකට බෙදේ ). සෛල මැරුනු විට අලුත් සෛල බිහිවේ. සමහර සෛල වල ඇති වන දෝෂ නිසා එම සෛල නොමැරී පවතිනවා. මේ නිසා මෙම සෛල පාලනය කල නොහැකි ලෙස විබාජනය වීමට පටන් ගන්නවා. මේ හේතුව නිසා එසේ විබාජනය වෙන සෛල පටක වල ආසාමන්යය ලෙස වැඩීමට පටන් ගන්නවා. මේ නිසා පිළිකා ඇති වෙනවා. ශරීරයේ ඕනෑම තැනක පිළිකා ඇති වීමට පුළුවන්. පිළිකා වර්ග සීයකට අධික ප්‍රමාණක් තිබෙනවා. තවමත් වෛද්‍යවරුන්ට සොයා ගැනීමට අපහසු වූ පිළිකාද තිබෙනවා. නමුත් අද බොහෝ පිළිකාවන් සුව කල හැකි බවට සනාත වෙලා තිබෙනවා.
පිළිකා ඕනෑම කෙනෙකුට වැළදිය හැකිය සමහර පිළිකා ඇති වෙන්නේ කෙසේද යන්නවත් අපි දන්නේ නෑ.බොහෝ පිළිකා ඇති වන්නේ අපගේම වැරදි නිසා. තරුණ අයට වඩා අවුරුදු 50 ට වැඩි අයට පිළිකා ඇති වීමේ ප්‍රවණතාවක් ගනී.
පිළිකාව ඔබේ ශරීරයෙන් හදුනා ගත් පසු ඔබේ පිළිකාවේ අදියරය තීරණය කිරීම ඔබේ වෛද්‍යවරයා සතුය. ඔබේ ප්‍රතිකාර ක්‍රම සහ සුවයන් සදහා ඇති අවස්තාව කිරීම සදහා ඔබේ වෛද්‍යවරයා ඔබේ පිළිකා අවදිය බාවිතා කරයි.
පිළිකා අවදීන් සාමාන්‍යයෙන් රෝම ඉලක්කම් වලින් දැක්වේ .1-5 දක්වා වැඩි සංඛ්‍ය සමග වඩා දියුණු පිළිකා පෙන්නුම් කරයි. සමහර අවස්තා පිළිකා අවදිය අකුරු වලින් හෝ වචන වලින්ද හදුන්වයි.
වඩාත්ම සුලබ ප්‍රතිකාර වනුයේ රසායනික චිකිස්තාව, විකිරණ චිකිස්තාව, ශල්‍ය කර්ම සහ ප්‍රතිශක්ති චිකිස්තාවයි. මේ අනුව ඔබේ අවදිය අනුව ගැලපෙන ප්‍රතිකාර ඔබේ වෛද්‍යවරයා සාකච්චා කරනු ලැබේ.
බොහෝ පිළිකාවන් වලට ප්රතිකාරක තිබේ. ඔබේ ප්රතිකාරක විකල්පයන් ඔබේ පිළිකාවේ වර්ගය සහ අවදිය අනුව තීරණය වෙයි.
බොහෝ විට ඔබට පිළිකා දෙයින් මිදී ජීවත් විටම හැකියාව ඇත. ඒ සදහා ඔබට ගත හැකි ක්‍රියාමර්ග කිහිපයක්ම තිබේ.
ඉහත අපි සදහන් කලේ පිළිකාවක් වලක්වාගත හැකි ආහාර ගැන දැන් බලමු ඔබේ ශරීරයට අහිතරන පිළිකාව ඇති විය හැකි ඔබ අනුභව නොකල යුතු ආහාර ගැන.
ප්රතිකාරක සදහා තාක්ශනික අතින්ද ප්‍රතිකාර කිරීමට හැකියාවක් වර්තමානයේ තිබෙනවා.
ශල්‍යකර්මයේ ප්‍රදානම පරමාර්තය වන්නේ හැකිතාක් පිලිකාව ඉවත් කිරීමයි.
රසායනික ච්කිස්තාව තුලින් පිළිකා සෛල විනාශ කිරීමක් කරයි.
විකිරණ චිකිස්තාව මගින් පිළිකා සෛල විනාශ කිරීම සදහා එක්ස් කිරණ වැනි අදි බැලති ශක්ති බාල්ක බාවිතා කරන්වා. විකිරණ ප්රතිකාරක ඔබේ ශරීරයේ පිටත යන්ත්‍රයක් හරහා ඔබේ පිළිකාවට ප්‍රතිකාර කල හැකිය.
ඇටමිදුළු බද්ද කිරීම ප්‍රාථමික සෛල බද්ද කිරීමක් ලෙසද හැදින්වේ. ඇටමිදුළු මගින් ඔබේ අස්ති තුල ඇති රුදුර සෛල බවට පත් කරයි. මේ නිසා එක පිලියමක් ලෙස ඇටමිදුළු බද්ධ කිරීමද එකකි.
ජෛව චිකිස්තාව ලෙසද හැදින්වේ. ප්‍රතිශක්ති චිකිස්තාව පිළිකා සමග සටන් කිරීමට ඔබේ ශරිරයේ ප්රතිශක්තීකරණය පද්ධතිය බාවිතා කරයි. ඔබේ ප්රතිශක්තීකරණය පද්දතියට අනවසරෙන් ඇතුළුවන්නෙකු ලෙස හදුනා නොගන්නා නිසා පිළිකාව ඔබේ ශරීරය පාලනයකින් තොරව නොනැසී පැවැතිය හැකිය. ප්‍රතිශක්තී චිකිස්තාව මගින් ඔබේ ප්‍රතිශක්තීකරණ පද්දතිය තුල වර්ධනය වන පිළිකාව දැකීමටත් එයට එරෙහිව ක්‍රියා කිරීමටත් හැකියාවක් තිබෙනවා.
සමහර පිලිකා වර්ග ඔබේ ශරීරයේ හෝමෝන මගින ඉන්ධන ලබා ගනී. උදාහරණ ලෙස පියයුරු සහ පුර්ස්ති පිළිකා වැනි පිළිකා මෙවැනි හෝමෝන ඔබේ ශරීරයෙන් ඉවත් කිරීමට හෝ පිළිකා සෛලය වර්දනය වීම වැලැක්වීමට හෝමෝන චිකිස්තාවාට පුළුවනි.
මීට අමතරව භාවනා කිරීම තුළින් සිරුරේ DNA සංයුතිය යහපත් ආකාරයට වෙනස් වන බවත් පර්යේෂණ වලින් හෙලිවී තිබෙනවා. තරහව වෛරයකින් තොර සාමකාමී සිතින් කටයුතු කිරීමත් නිතරව සතුටින් සිටීමත් සිනහව නිතරම මුහුනේ තබා ගැනීම යන මෙවනි කරුනු වලින් හිතකර හෝමෝන නිපදවන බැවින් පිළිකා ඇති වීම වැලැක්වේ. තාක්ෂණික ලෝකයත් සමගම අපි බොහෝ වෙලාවට අන්තර්ගත වන්නේ වැරදි දේවල් වලටය නමුත් එයින් තරමක් ඈත් වී තමන්ගේ මානසික මට්ටම ඉහල තැනක තබා ගැනීම තුලින් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම තුලින් පිළිකාවෙන් ඈත් වී සිටීමට හැකියාව ලැබෙනවා.
පිළිකා ඉතා බහුලය සෑම පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක්කෙනෙකුට සාමනයෙන් පිළිකාව වැලෙදෙනවා. බොහෝ දෙනෙක් පිළිකා වලින් නොමැරී ජිවත් වෙනවා. නමුත් ඉබේ පිළිකාවක් සුව නොවෙයි මේ සදහා ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ.
තව දුරටත් ඔබ මෙම පිළිකා මාරයට බිය යුතු නැත . බොහෝ දෙනා සිතන්නෙ එය වැලැදීමෙන් තමන්ගේ ජීවිතය නැති වන බවය බොහෝ අවස්ථවන් වලදී එය එසේ සිදු වූවත් තව දුරටත් එය එසේ සිදු නොවන්නට පුළුවන්. නමුත් ඉහත සඳහන් කල රෝග හෝ එවැනි රෝග හට ගැනීමේ ලක්ෂණ ඇත්නම් වහාම වෛදවරයකු හමුවන්න. පිළිකාව වැලඳීම ඉබේ සිදුවන්නක් උනාට බොහෝ වෙලාවට ඔබේම වැරදින් එය සිදුවන්නට පුලුවන් නිසා නිතරම පරිස්සම් වන්න.
මෙම ලිපිය කියවා පිළිකාව ගැන ඔබට යම් දැනුමක් ඇති වන්නට ඇතැයි මින් විශ්වාස කරනවා.