අතීතයේ සිට විවිධ රටවල පාරම්පරික ඖෂධයක් ලෙස හා කුළු බඩු වර්ගයක් ලෙස ප්‍රචලිත දෙයක් කුංකුම කියන්නේ. විශ්මය ජනක ප්රතිලාභ රැසක් අත් කර දීමේ හැකියාවක් තියෙන Crocus Sativus ශාඛයේ මල් වල රේණු වලින් තමයි කුංකුම ලබා ගන්නවා. නිශ්පාදන ක්‍රියාවලිය අවසානයේදී ලැබෙන්නේ කුංකුම ඉතා කුඩා ප්‍රමාණයක් වන නිසාත් මෙම ක්‍රියාවලියට අධික පිරිවැයක් දරන්නට සිදු වන නිසාත් මෙය ලෝකයේ මිල අධික කුළු බඩු වලින් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉරානය, ඉන්දියාව, ඉතාලිය, නෙදර්ලන්තය, ඇෆ්ගනිස්තානය හා මොරොක්කෝව වැනි රටවල කුංකුම නිශ්පාදනය කෙරෙනවා. කුංකුම කිලෝ 1ක් පමණ නිෂ්පාදනය කරන්න මල් 170,000ක් පමණ අවශ්‍ය වෙනවා.
ලොවපුරා අතීතයේ සිට අද වන තුරු බහුලව කුංකුම එදිනෙදා ආහාරා පාන පිලියෙල කිරිමටත්, සමෙහි හා හිසකෙස් වල සුන්දරත්වය වැඩිකිරීමටත්, ඖෂධයක් සෙලත්, දුර්ලභ රසායනික සංයෝග නිශ්පාදනයටත් භාවිතා වෙනවා. අපි බලමු කුංකුම මගින් ලබා ගත හැකි ප්‍රයෝජන මොනවාද කියලා.
අප අතරේ බහුලව ඇති ගැටලුවක් තම රුධිරයේ අධික සීනි මට්ටමක් හෝ කොලෙස්ට්‍රෝල් මට්ටමක් පැවතීම. කුංකුම සති 12ක් වැනි කාලයක් ලබා ගැනීම මගින් සිරුරේ සීනි කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීමට උපකාරී වේ. මෙම හේතූන් නිසා අපගේ සිරුරේ රුධිර නාල නීරෝගී කර එමගින් හදවතෙහි ඇතිවිය හැකි ආසාදනද අවම කරනවා.
ග්‍රීසිය වැනි රටවල පාරම්පරික ඖෂධයක් ලෙස කුංකුම භාවිතා කරයි. එමගින් මානසික ආතතිය දුරු කිරීමටත්, සතුටුදායක හා ධනාත්මක සිතුවිලි ඇතිකිරීමේ හැකියාවක් ඇත. මෙම නිසාම කුංකුම, ‘Sunshine Spice’ නමින්ද හදුන්වනු ලැබේ.
කාලයත් සමග අපගේ ඇස් දුර්වල වෙනවා. ඒ වගේම තමයි දුම් බීම, මත් ද්‍රව්‍ය භාවිතය වැනි පුරුදු නිසාත් ඇස් පරිහානියට පත් වෙනවා. කුංකුම මාස 6ක් පමන ලබා ගැනීම මගින් ඇස් වල නීරෝගීකම ආරක්ෂා කරන්න පුලුවන් වෙනවා.
කුංකුම (Saffron) රේණු ස්වල්පයක් කිරි වීදුරුවකට එකතු කර පානය කිරීම ඉන්දියාව වැනි රටවල කාන්තාවන් බහුලව පුරුදු වෙලා තියෙන්නේ එමගින් අපට දිදුලන සමක් ලබා දීමේ හැකියාවක් ඇති නිසා.
කුංකුම සමෙහි ආලේප කිරීමෙන් සමට අවශ්‍ය විටමින්, පොටෑසියම් ද ලබා ගන්නට පුලුවන්. තවද මෙමගින් සමෙහි අලුත් සෛල නිශ්පාදන ක්‍රියාවලියට දායකත්යවක් ලබා දෙනවා.
එමනිසා බොහෝ දෙනා ආලේපන වර්ග සාදාගෙන ආලේප කිරීමටත්, මාස්ක් එකක් ලෙස භාවිතා කිරීමටත් පුරුදු වෙලා තියෙනවා. අද වෙලදපලේ කුංකුම අඩංගු ආලේපන දක්නට ලැබෙනවා. නමුත් ඒවා වල ඇත්තටම කුංකුම අඩංගුද කියන එක සොයා බැලිය යුතු කරුණක්.
තවද අව්ව නිසා සමෙහි ඇතිවන පිලිස්සුම් හා අව පැහැගැන්වීම් සදහාද, විවිද සමෙහි ඇතිවන ආසාදන සදහා පිලියමක් ලෙසද කුංකුම භාවිතා කරනු ලැබෙනවා.
හිස කෙස් වර්ධන වේගය වැඩි කිරීමට, තට්ටය පෑදීම අවම කිරීමට හා කෙස් කළබේ පෝෂණය වර්ධණය කිරීමට කුංකුම වලට පුළුවන්කම තියෙනවා.
ඔසප් සමයේ අපට ඇති වන අපහසුතාවය හා සංකූලතා අවම කිරීමට කුංකුම ස්වල්පයක් සමග කිරි එකක් හෝ තේ එකක් පානය කිරීම මගින් වේදනාව අවම කරන්නට පුලුවන්.
කුංකම (Saffron) යනු ප්‍රතිඔක්සිකාරක බහුල රේණුවක්. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක මගින් සිරුරෙහි හට ගන්නා අහිතකර සෛල විනාශ කිරීමට කුංකුම වලට හැකියාවක් තියෙනවා.
පරීක්ෂණ මගින් ඔප්පු වෙලා තියෙනවා මෙමගින් සමෙහි, අස්ති වල, වකුගඩු වල, පියයුරු වල හා ගැබ්ගෙලෙහි ඇතිවිය හැකි පිළිකා සෛල විනාශ කරන බව.
ප්‍රධාන ආහාර වේලට අමතරව අතුරු ආහාරයක් ලබා ගැනීම සිරුරේ බර පාලනය කිරීමේ ක්‍රියාවලියට ගොඩාක්ම බලපානවා. ආහාර පාලනයට සහයෝගයක් ලබා දීමට හා ආහාර ජීර්ණ පද්ධතිය නීරෝගීව පවත්වා ගැනීමට ද කුංකුම ලබා ගන්නට පුලුවන්. මෙම ගුණය නිසා සමහර අය කුංකුම Supplement එකක් ලෙසද භාවිතා කරනවා.
කුංකුම වල විටමින් B, B1, B2, B6 Plus හා C අඩංගු වෙනවා. එමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නීරෝගීකම ඉහල මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වෙන අතර විවිධ රෝග වලින්ද ආරක්ෂා වීමට පුලුවන් වෙනවා.
කුංකුම ආහාර පාන වලට අඩංගු කරගැනීම මගින් අපගේ මොළයේ ක්‍රියාකාරිත්වයට රුකුලක් වී, මතක ශක්තිය වර්ධනය වන බව විද්යාත්ම පරීක්ෂණ මගින් සනාථ වෙලා තියෙනවා.
මුලින්ම කිරි එක නටන තෙක් උණු කර නිමෙන්නට හරින්න. උණු වූ සැනින්, එයට ආමන්ඩ් තේ හැදි දෙකක් ද, කුංකුම තේ හැදි බාගයක් ද, එනසාල් තේ හැදි බාගයක්ද එක් කර හොදින් කලවම් කරන්න. අවශ්‍ය ප්‍රමාණය පැණි මේස හැන්දක් හෝ දෙකක් එක් කර පානය කරන්න.
කුංකුම (Saffron) මලේ රේණු යනු ලෝකයේ ඇති මිළ අධිකම කුළුබඩු වර්ගයක්. එමගින් අපට නොයෙකුත් වාසි ලබා ගන්නට පුලුවන් කම තිබෙනවා මෙන්ම, තවත් බොහෝ විද්‍යාත්මක පරීක්ෂණ වලට හා වෙනත් ප්‍රයෝජන ලබා ගැනීම සදහා කුංකුම මලේ රේණු භාවිතා වෙනවා. පිකෝක්රෝටීන් (picrocrocin), ක්රෝටීන් (Crocin), සැෆ්රනල් (Safranal) සංගටක නිශ්පාදනයට ද බහුලව කුංකුම රේණු භාවිතා කරනවා.
අපටත්, ෆාමසි වලින් හා වෙනත් බෙහෙත් කඩවල් වලින් කුංකුම මිලදී ගන්නට පුලුවන්. නොයෙකුත් ව්‍යාජ නිශ්පාදන වෙළදපලේ තිබෙන නිසා මිළදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ.
ඒ වගේම තමයි, කුංකුම රේණු භාවිතයේදී වරකට 1.5g වලට වඩා භාවිතය සිරුරට හිතකර වන්නේ නෑ. එමනිසා අපි මෙය වැඩිපුර භාවිතයෙන්ද වැලකී ඉන්නට සිහියේ තබා ගත යුතුයි.
මෙය වටිනාකමින් ඉතා ඉහල කුළුබඩු වර්ගයක් වන නිසා ලොවපුරා රතු මැරිජෝල් පෙති, ලිලී මලේ කලංකය ද ආසියාතික රටවල කහ ද ආදේශක ලෙස භාවිතා කරනවා.