ලංකාවේ නොයෙකුත් ප්‍රදේශ වල මෙන්ම දකුණු ආසියාවේ ප්‍රචලිත ශාකයක් තමයි කටුරොලු කියන්නේ. මේ ශාකය Blue Tea, Butterfly-blue pea, blue pea හා Asian Pigeonwings නම් වලින් ලොව පුරා භාවිතා වෙනවා. මෑතකදී ඉදන් ලොවපුරා මේ ශාකය පිලිබදව කතා බහට ලක් වෙන්න ගත්තේ මෙම ශාකය මගින් අපට ලැබෙන ඖෂදීය වටිනාකම නිසා. මේ දිනවල කටරොලු ශාකය ප්‍රචලිත උනත්, අතීතයේ සිටම ලොව පුරාම මෙය බහුලව භාවිතා වන ඖෂදයක්. ලංකා ඉතිහාසයේ ද කටරොලු විවිධ රෝග සුව කරන්න ප්‍රයෝජනවත් වූ බව ඉතිහාස පොත පතේ සදහන් වෙලා තියෙනවා.
මෙම ඖෂධය තායිලන්තය, වියට්නාමය, පිලිපීනය හා මැලේසියාව වැනි රටවල නොයෙකුත් ආහාර, පාන, බෙහෙත් හා රූපලාවන්‍ය නිශ්පාදනයට බහුලව ඉතිහාසය පුරාවටම භාවිතා වෙලා තියෙනවා.
අපි බලමු නිල් කටරොලු- වල ඖෂධීය වටිනාකම. මෙම ශාඛය වා, සෙම්, පිත් තුන් දොස් සමනය කිරීමේ හැකියාවෙන් යුක්ත වන බැවින් නොයෙකුත් වර්ගයේ රෝග සුව කිරීමට මෙන්ම, සිහින් සිරුරක්, අලංකාරවත් සමක් නා නීරොගී කෙස් කලබක් ලබා දීමටද කටරොලු වලට පුලුවන්.
කටරොලු මලේ ඇති ප්‍රතිඔක්සිකාරක, ආහාර ජීර්ණය ක්‍රමානුකූලව සිදු කිරීමට දායක වේ. මීට අමතරව මෙය සිරුරේ කැලරි දහනය කිරීමට හා අක්මාව ආස්‍රිත ආසාදන සුව කිරීමට ඉවහල් වෙනවා. මෙම ක්‍රියාවලියට වඩාත්ම ඉවහල් වන්නේ මෙම ශාඛයේ මලේ ඇති EGCG (Epigallocatechin gallate) සංගටකයයි.
සුන්දර සමක් සහ අලංකාරවත් කෙස් කළඹක් උරුමකම් කීමේ ආසාව අපි හැමෝටම තියෙනවා. කටරොලු මලේ ඇති ඇන්ටිඔක්සිකාරක අපට තරුණ පෙනුමක් ලබා දීමට මෙන්ම කේෂ මූල වලට රුධිර සංසරණය ක්‍රමවත් කිරීම මගින් නීරෝගී කෙස් කලඹක් ලබා ගැනීමටද උපකාරී වෙනවා. තායිලන්තය හා වෙනත් රටවල් නිල් කටරොලු- වල ඖෂධීය වටිනාකම ඈත අතීතයේ සිටම දැන සිටි අතර රූපලාවන්‍ය කටයුතු සදහා අද වන තුරු, බහුලව භාවිතා කෙරේ.
මේ වන විට බොහෝ දෙනා දියවැඩියාවට භාජනය වෙලා තියෙනවා. නවතම පර්යේෂණ වලින් සනාත වෙලා තියෙන්නේ, මෙම ශාඛයේ මල් වලින් සාදන පානයක් ප්‍රදාන ආහාර වේල් අතර තුර ලබා ගැනීම මගින් දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කිරීමේ හැකීයාව පවතින බව තහවුරු වී තිබෙනවා.
කටරොලු මලේ ඇති ඇන්ටිඔක්සිකාරක මගින් හදවතෙහි ඇතිවිය හැකි රෝගවලින් ආරක්ශා කරනු ලැබේ. තවද, මෙය කොලෙස්ටරෝල් ද අඩු කිරීමේ හැකියාවකින් යුක්ත බව නවතම පරීක්ෂන වලින් තහවුරු වී තිබෙනවා.
අදික වෙහෙසකාරී දිනයක් අවසානයේ කටරොලු වලින් සාදන ලද පානයක් හමුවේ මානසික විඩාව හා පීඩනය අවම කර ගත හැක. මෙහි ඇති ඇන්ටිඔක්සිකාරක මොලයේ ඇති ස්නායු ලිහිල් කිරීමට ද, එමගින් හොද නින්දක් ලබා ගැනීමටද ඉඩ කඩ සලසා දෙයි. තවද, මෙහි ඇති ඇන්ටිඔක්සිකාරක මොළයේ ක්‍රියාකාරිත්වයට උපකාරී කරන අතර එමගින්, මතකය වර්ධනයත්, මොළයේ සයිල වර්ධනයටත් රුකුලක් වේ.
නිල් කටරොලු- වල ඖෂධීය වටිනාකම ඉතාම ඉහල අගයක පවතින අතර තවත් බොහෝ රෝග සුව කිරීම සදහා භාවිත කෙරේ. මෙමගින් හිසේ කැක්කුම්, සන්දි රෝග, සෙම් රෝග, කැස්ස හා ඇදුම වැනි රෝග සුව කිරීම සදහාත්, මුඛයේ ආසාදන අවම කිරීමටත්, ගර්භාශ අස්රිත රෝග පාලනයටත්, ඇතැම් අවස්තා වලදී වේදනා නාශකයක් ලෙසත් භාවිත කෙරේ. මේ පිලිබදව ඉතිහාස වෙද පොත් වලත්, අද වන විට දේශීය හා ආසියාතික වෛද්‍ය විද්‍යාවේද භාවිතා වේ.
ඔබගේ ගෙවත්තෙත් නිල් කටරොලු ගසක් තිබෙනවා නම් නිල් කටරොලු- වල ඖෂධීය වටිනාකම විදීමේ හැකියාව ඔබටත් තියෙනවා. ඔබටත් නිල් කටරොලු පානයක් පහසුවෙන් නිවසේදීම සාදා ගන්නට පුලුවන්.
උණු වතුර කෝප්පයට නිල් කටරොලු මල් දමා විනාඩි 15ක් පමණ තැම්බෙන්නට අරින්න. ඔබට පෙනේවි නිල් පැහැති මල් අව පැහැවී, වතුර නිල් පැහැ ගැන්වෙන බව. විනාඩි 15කින් පසු ඔබට මෙය පානය කරන්න පුලුවන්. මෙම පානය සකසා ගත් පසු, ඔබට මෙය වෙනත් සිසිල් බීම වර්ග වලට ද මිස්‍ර කරගන්නට පුලුවන්.
නිල් කටරොලු පානය සාදාගන්නා ආකාරය පහත වීඩියෝවෙන්ද බලන්නට පුලුවන්.
මෙම පානය රසින් ඉහල පානයක් නොවිය හැකි නමුත් ගුනයෙන් ඉතාම ඉහල වේ. එදිනෙදා භාවිතා කරන තේ හා කෝපි වල අඩංගු වන කැෆේන් සංගටකයද මෙහි අඩංගු නොවේ. ඔබට කැමති නම් මේ සදහා සීනි ස්වල්පයක් එකතු කරගැනීමෙන් මෙම පානය රසවත් කර ගත හැක. තවද, මෙම පානයට මින්ට්, කුරුඳු, ඉඟුරු හා පැෂන් පළතුරු ද එකතු කර ගැනීමෙන් රසවත් පානයක් සකසා ගත හැකි වෙනවා. නමුත් මෙම පානය වඩාත්ම ඔබින්නේ වෙනත් ආකලන එකතු නොකරනවා නම් තමයි. නිල් කටරොලු පානය සමග කිරි හා ඒ ආස්‍රිත පාන වර්ග එකතු කිරීම සුදුසු වන්නේ නැත.
මෙම වටිනා ශාඛය අනුසාරයෙන් නොයෙකුත් රටවල් වලට ආවේණික වුනු ආහාර හා බීම වර්ග සාදනු ලැබෙනවා.
නිල් කටරොලු- වල ඖෂධීය වටිනාකම උපරිමයෙන්ම භාවිතා කරන රටවල් දෙකක් වන්නේ, තායිලන්තය හා වියට්නාමය. මෙම රටවල් වල මෙය ඉතාම ප්‍රචලිත සිසිල් පානයක් ලෙසයි. නිල් කටරොලු දෙහි හා පැනි සමග එකතු කර පිලිගැනිවීමේ පානයක් ලෙසත්, රාත්‍රී බෝජනයෙන් පසු පිනිගැන්වීමේ පානයක් ලෙසත් භාවිතා වෙන අතර එය ‘Nam Dok Anchan Tea’ ලෙස හැදින්වේ.
මැලේසියාවේ නිල් කටරොලු භාවිතයෙන් රසවත් නිල් බතක් සකස් කරනු ලැබෙනවා. මෙම බත සදහා බැදින ලද මාලු හෝ මස්, සලාද හා පපඩම් ව්‍යාංජන ලෙස භාවිත කරනවා.
මීට අමතරව මොවුන්ගේ සාම්ප්‍රදායික අතුරුපසක්ද මෙම ශාඛයේ මල් මගින් සකසනු ලැබෙනවා. එය ‘kuih/kueh’ නමින් හැදින්වෙන අතර, රසවත් කොක්ටේල් පානයක් සැකසීමටද නිල් කටරොලු උපයෝගී කරගනු ලැබෙනවා.
නිල් කටරොලු- වල ඖෂධීය වටිනාකම පිලිබදව මනා අවබෝදයක් ලබා ගන්නට ඇතැයි අපි හිතනවා. ඔබටත් මෙම ශාඛය නිවස ආස්රිතව සොයා ගැනීමට හැකියාවක් ඇත්නම්, ඔබගේ ආහාර පාන වලට එකතු කර ගැනීමෙන් මෙම ඖෂධීය ගුන ඔබටත් ලබා ගැනීමේ හැකියාව ඇත.
තවත් ඔබට වැදගත් වෙන ලිපියක් සමගින් නැවත හමුවෙමු!
16 Comments
… [Trackback]
[…] There you can find 22990 additional Information to that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Read More on that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Read More here to that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Information to that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Find More to that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] There you can find 15599 additional Information to that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Read More to that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Read More here to that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Information on that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Read More on on that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Read More here on that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Info to that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Read More Information here on that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]
… [Trackback]
[…] Here you will find 46331 additional Information to that Topic: thepinkish.com/benefits-of-asian-pigeonwings/ […]