අපගේ සම පැහැපත් කරගන්න තරුණ පෙනුම රැක ගන්න මේ කරුනු ඔබට වඩාත් වැදගත් වෙයි.
කාන්තාවන් වන අපි අපගේ සුන්දරත්වය රැක ගන්න බොහෝ දේ කිරීමට පෙළඹිලා තිබෙනවා. ඒ අතරින් අපි වඩාත්ම උනන්දු වන්නේ අපගේ සම රැක ගැනීමටයි. අපි අපගේ සම රැක ගැනීම සදහා නොයෙක් වර්ග ආලේපන භාවිතා කරනවා. සමහර ආලේපන අපගේ සමට ගැලපෙනවද නැද්ද යන්නවත් අපි දන්නේ නැහැ. ගැහැණු වන අපිට තිබෙන නරකම පුරුද්දක් තමයි තවත් කෙනෙක්ව අනුගමනය කිරීම . මොකද අපි ගොඩක් වෙලාවට බලන්නේ තව කෙනෙක්ට වඩා කැපී පෙනෙන්නයි ඉතින් අපි සමහර අවස්තා වලදී තව කෙනෙක් පාවිච්චි කරන ආලේපනයක් භාවිතා කරන්න දෙපාරක් සිතන්නේ නෑ. අපට නොගැලපෙන ආලේපණයකින් අපගේ තිබෙන පැහැපත් බවත් නැති කරගන්න උත්සහ කරනවා. වර්තමානයේ සිටින අපි බොහෝ දෙනා සිතන්නේ පැහැපත්කම කියන්න්නේ සුදු වීම කියලා .ඉතින් අපි අපගේ ආකාර්ශනය වැඩි කරගන්න නොයෙක් වර්ගයේ ආලේපන නැතහොත් (whitening cream) භාවිතා කරනවා. අද ශ්‍රී ලංකාව තුළ මෙතරම් ඉල්ලුමක් තිබෙන්නේ ආකර්ෂණීයත්වය රැඳී ඇත්තේ සුදු පැහැති සමකයැයි බොහෝ දෙනා සිතාගෙන සිටින නිසා. නමුත් සුදු වීම යනු සම පැහැපත් වීමක නොවන බව සිහිතබාගත යුතුම කරුණක්. ඒ ඔබ භාවිතා කරන ආලේපන නිසා පිග්මන්ටේෂන් වැනි තත්ත්වය හා සම රැලි වැටී වියපත් වීමද ඉක්මන් කරවනවා. පහත දැක්වෙන ප්‍රතිකාර මගින් ඔබගේ සම පැහැපත් කර ගැනීමට හැකි වේවී යැයි මම සිතනවා.
ඔබ දැනගෙන සිටියාද වතුර වීදුරුවකින් ඔබගේ සම රැක ගන්නට පුලුවන් බව? අද ලෝකේ සිටින බොහෝ නිලියන් ඔවුන්ගේ සුන්දරත්වයේ රහස වතුර බව සදහන් කරලා තිබෙනවා. දිනකට අඩුම වතුර ලීටර 2.7ක් වත් බොන්න පුරුදු වෙනවනාම් වඩාත් හොදයි . වතුර නිතරම බොන විට අපගේ සම පැහැපත් වෙනවා විතරක් නෙමෙයි වයසට යාමත් පාලනය වෙනවා ඒ කියන්නේ ඔබේ තරුන බව රැක දෙනවා ඒ නිසා නිතම වතුර බොන්න පුරුදු වෙන්න .
නිවසින් බැහැරව සිටින සෑම විටම හිරු ආවරණ ආලේපණයක් (sunscreen) භාවිතා කිරීම මගින් අපගේ සම තද අව්වෙන් ආරාක්ශා කරනවා. බොහෝ වෙලාවට අපගේ සම මේ අව්ව නිසා අවපැහැ නැතහොත් අදුරු වෙනවා. ඒකට හොදම විසදුම තමයි සන් ක්‍රීම් කියන්නේ .ඒත් ඔබ දන්නවා වෙලදපොලේ නොයෙක් වර්ගයේ සන් ක්‍රීම් අපිට දකින්නට ලැබෙනවා. ඒත් ඒ අතරින් අපි වඩාත් හොදමදේ භාවිතා කල යුතුයි. ඔබගේ බෑගය තුල නිතරම සන් ක්‍රීම් එකක් තබා ගන්න. තද අව්වට යනවිට එය භාවිතා කරන්න එමගින් ඔබේ සම අවපැහැ ගැමන්වීම වලක්වන්වා.
කාන්තාවන් වන අපි නිතරම වගේ මේකප් භාවිතා කරනවා. මේකප් කියන්නේ කාන්තාවන් වන අපගේ අත්‍යවශ්‍යම දෙයක් කියන්නට පුලුවන්. නිතරම මේකප් කිරීමෙන් අපගේ සම අසුන්දර වෙනවා කියලා ඔබ දන්නවද නිතරම මේකප් භාවිතා කිරීමෙන් සමේ පිලිකාද ඇති වෙන්න පුලුවන්. සම රැලි වැටීමද ඉක්මන් කරනවා. ඒ නිසා අවශ්‍යය තැනට අවශ්‍ය වෙලාවට පමනක් මේකප් කරන්න. හොදම වර්ගයේ මේකප් භාවිතා කිරීමට පුරුදු වෙන්න. සමට හානී කරන මේකප් භාවිතා කිරීමෙන් ඔබේ සම දුර්වල වෙන්න පුලුවන්.
කාන්තාවක් පිරිසිදුව සිටීම අත්‍යවශ්‍යම කාරණයක්. මොන තරම මේකප් කලත් වැඩක් නෑ ඒ කාන්තාව පිරිසිදු නැත්නම්. ඒ නිසා ඔබ කුමන තැනකට ගියත් නිවසට ආ පසු හොදින් පිරිසිදු වන්න. අපි හිතමු ඔබ පාර්ටි එකක්ට ගිහින් ආවා කියලා සාමන්යෙන් මෙවැනි අවසතාවක මේකප් භාවිතා කරනවා. ඒත් ඔබ එය හරියට පිරිසිදු කරනවාද? බොහෝ දෙනා ක්‍රමානුකූලව මේකප් ඉවත් කරන්නේ නෑ (make up remover). ඔබ දන්නවාද නිවසේදීම ක්‍රමානුකූලව මේකප් ඉවත් කරගන්න පුලුවන් හොදම දේ පොල්තෙල්. ඔබට පොල්තෙල් භාවිතා කරලද මේකප් රිමොව් කරගන්න පුලුවන්. හැබැයි ඊට පස්සේ හොද ක්ලෙන්සර් එකකින් ඔබේ සම පිරිසිදු කරගන්න.පසුව ෆේස් වොශ් එකකින් සෝදා හැර හොද ඩේ ක්‍රීම් එකක් ආලේපනය කරගන්න. මෙන්න මේ විදිහට ඔබ ඔබගේ සම නිතරම පිරිසින්දුව තබා ගත්තොත් ඔබගේ සමට ඇතිවන හානි වලක්වා ගත හැකි.
අද බොහෝ දෙනා රැල්ලට සුදු වෙන්න පුරුදු වෙලා සිටිනවා. ඔබ දන්නවාද ලස්සන කියන්නේ සුදු වීමම නොවෙයි. පැහැපත්කම ඉතින් ඔබ සම සුදු කරගන්න දරන උත්සහය සම පැහැපත් කරගන්න උත්සාහ කරන්නේ නෑ. ඔබ දන්නවාද ඔබ භාවිතා කරන වයිටින් ක්‍රීම් (Whiting cream) එක නිසා ඔබගේ සමට බාහිරෙන් පමනක් නොව අභ්‍යන්තරයෙන්ද හානී සිදු වෙනවා. එම නිසා Whiting cream භාවිතා කරන ඔබ මෙන්න මේ දේවල් ගැනද අවදානය යොමු කරන්න . මෙම Whiting cream නිසා අපගේ සමේ ඇති මෙලනින් කියන වර්ණ සංඝටකය විනාස වෙනවා මේ මෙලනින් සංඝටකය තිබෙන නිසා තමයි හිරු එලියෙන් සම මතට පතිත වන UV කිරනෙන් අපේ සම පරිස්සම් කරන්නේ මේ මෙලනින් කියන වර්ග සංඝටකය මගින්. ඉතින් ඔබ භාවිතා කරන මේ (Whiting cream) එක නිසා ඔබේ සමට අවශ්‍යම වෙන සංඝටකයක් නැති වෙනවා ඒ පිලිබදවද දැනුවත් වන්න. අනිත් දේ තමයි (Whiting cream) වල තිබෙන බ්ලීචින්ග් (bleaching) නිසා ඔබගේ සම තුනී වෙන්න පටන් ග්න්නවා. මේ (Whiting cream) ඔබගේ සම හිරු කිරන නිසා වඩාත් පිලිස්සෙන්න ගන්නවා . එවිට ඔබේ සම අවපැහැ වෙනවා. ඒ පමනක් නොවෙයි පිලිකාද ඇති වෙන්න පුලුවන්. එම නිසා ඔබ (Whiting cream) භාවිතා කරනවා නම් මේ කරුනු පිලිබදවද අවධානය යොමු කරන්න. සුදු වෙන්න උත්සහා කරනවාට වඩා ඔබේ සම පැහැපත් කරන්න අවදානය යොමු කරන්න.
රාත්රියේදී ලබන සුව නින්දෙදී දවස පුරා වෙහෙස වූ ඔබට විවේකයක් ලබා ගත හැකිවන අතරම ශරීරය ප්රබෝධයද ලබාදෙයි. අඩුම පැය 8ක් වත් අපි නිදාගත යුතුයි. නිදිමැරීම මගින්ද අපගේ සමට හානී වෙනවා.තෙහෙට්ටුව නිසා සම මැලවෙනවා එම නිසා සුව නින්දක් ලබන්න පුරුදු වෙන්න . පැය 8ක සුව නින්දක් ලැබීමේදී සිරුරේ අනෙක් අවයවවලට මෙන්ම සමටද ප්රබෝධයක් හා නිරෝගී බවක් ලැබෙනවා.ඒ නිසා සුව නින්දක් ලබා ගැනීමට පුරුදු වෙන්න.
අපි සදහන් කරපු කරනු සැලකිල්ලට ගන්න පුලුවන් නම් ඔබගේ තරුණ පෙනුම දිගු කාලයක් රැකගන්න පහසුවෙන් පුලුවන් වෙනවා. ආලේපණ වර්ග මිලදී ගැනීමේදීත් නිතරම ස්වාභාවික ද්‍රව්‍ය අඩංගු නිශ්පාදන මිලදී ගන්නවා නම් තමයි වඩාත් උචිත.
6 Comments
… [Trackback]
[…] Read More here to that Topic: thepinkish.com/5-tips-to-stay-young/ […]
… [Trackback]
[…] Read More here to that Topic: thepinkish.com/5-tips-to-stay-young/ […]
… [Trackback]
[…] Find More Information here to that Topic: thepinkish.com/5-tips-to-stay-young/ […]
… [Trackback]
[…] There you will find 89552 more Information to that Topic: thepinkish.com/5-tips-to-stay-young/ […]
… [Trackback]
[…] Find More on that Topic: thepinkish.com/5-tips-to-stay-young/ […]
… [Trackback]
[…] Read More here to that Topic: thepinkish.com/5-tips-to-stay-young/ […]